මීගමුවේ සමාජ ශාලාවකදි පත්තුවුන පිස්තෝලය කාගේද ?

0
230

SIG_Pro_by_Augustas_Didzgalvisමීගමුව චිකාගෝවක් යැයි වරක කිවේ  නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසිනි.එහෙත් ඔහු කියන්නට අමතක වු දෙයක් තිබුණි.
එනම් මිගමුව චිකාගේ පන්නයේ නගරයක් බවට පත්කළේ කව්රුන්ද යන්නයි.
ඔහු එදා නොකි ඒ කථාව අද මුළු රටම දනි.
පුංචි රෝමය යැයි කිතුණුවන් උදම් අනන මේ නගරය දැන් ලෝපතල චිකාගෝ නුවරකි.
ඇමති නිමල් ලංසාලාගේ පාලනය සමය විසින් මීගමුවේ පිටිපන ප්‍රදේශයේ රටටම බිඩී සැපයු ව්‍යාපාරිකයෙකට හට කුණු කොල්ලයට ලබාදුන් නගර සභා ඉඩමක පිහිටි සමාජ ශාලාවකදි පසුගිය දිනක පිස්තෝලයක් පත්තු වි ඇත.
මේ සමාජ ශාලාවට සම්බන්ධකම් ඇති සමිපතයන් වන්නේ ඇමති ලංසාගේ ගෝලයන් පිරිසකි.
පසුගිය දිනක මේ සමාජ ශාලාවට ගිය එක් අයෙකු පරික්ෂා කිරිමේදි ඔහුගේ ඉනේ පිස්තෝලයක් ඇති බව එහි සිටි ආරක්ෂකයෙකු විසින් සොයාගෙන ඇත.
පසුව මේ  ආරක්ෂකයා කියා තිබුනේ පිස්තෝලයක්ද සමගින් සමාජ ශාලාවට යැමට අවසර ලබා දිය නොහැකි බවය.
මේ පිළිබදව එහිදි ඇතිවු වාදයේදි කෙසේ හෝ මේ පිස්තෝලයෙන් වෙඩිල්ලක් පිටවි ඇත.පසුව  දැනගන්නට ලැබුනේ මේ පිස්තෝලයේ අයිතිකරු මීගමුවේ පොලිස් නිළධාරියෙකු බවය.
සිවිල් ඇදුමෙන් සැරසි කිසිදු රාජකාරිමය නොවන අවස්ථාවකට ගොස් ඔහුගේ පිස්තෝලයෙන්  වෙඩිතබා ඇති මේ පොලිස් නිළධාරියාගේ නිතිවිරෝධි ක්‍රියාව ගැන දැන් මීගමුවේ පොලිස් අධිකාරිතුමන් කියා සිටින්නේ කුමක්ද?
මීගමුව පාලනය කරන දේශපාලකයන් කියා සිටින්නේ කුමක්ද?
හංදියක් ගානේ සුරුවම් තබන්නට පමණක් නොව ඔරලෝසු කණු මුදුනතෙහිද සුරුවම් තබා මීගමුවේ ආරක්ෂාව සුරකිය යුතු යැයි කියන  ඇතැම් කිතුණු පියතුමන්ලා දැන් කියන්නේ කුමක්ද ?

Save

Save

Save