මීගමුවේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් ගුරුගේ මේ හංගන්නේ කුමක්ද?

0
101

මීගමුවේ මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ පුර්ණ අනුග්‍රහය යටතේ  ගුරුගේ නම් වු  ව්‍යාපාරිකයාට හැමිල්්ටන් ඇල මාස 6 කට බදු දුණි.එමෙන්ම   කෝටි ගණනක වියදමින් ඉදිකෙරුණ ජැටිය ප්‍රයෝජනයට ගනිමින් දැන් මෙම ව්‍යාපාරිකයා සුපිරි සංචාරක බෝට්ටු ව්‍යාපෘතියක් මීගමුව කලපුව තුල ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් මේ ව්‍යපෘති භූමිය තුල පිහිටුවා ඇති නාමපුවරුවේ ඉංග්‍රිසියෙන් සදහන් වන්නේ මෙය ගුරුගේ ගේ සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත වුවක් බවය. එහෙත් එහිම සදහන් සිංහල කොටසේ මෙය ගුරුගේට අයත්ය යන කොටස මකා දමා ඇත. මෙසේ සිදුකිරිමෙන් මෙම ව්‍යාපාරිකයා සගවාලන්නට උත්සාහ කරන්නේ කුමක්ද??

මේ සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රධාන පුරවැසියා වු නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා මීගමුවේ පුරවැසියන්ට පිළිතුරු දිය යුතුව ඇත. ඔහු   දිනපතා සිය නිවස බලා යන්නේ මේ නාමපුවරුව පසුකරගෙනය.එහෙත් මෙය ඔහුට පෙනේනේ නැත. එයට හේතුව සදහන් බැනරයක් මීගමුව මහනගර සභාවේ වර්ෂ පූර්ණය වෙනුවෙන් වු දැවැන්ත සංගිත සංදර්ශනය ගැන විස්තර සහිත පුවරුවේ සටහන්ව ඇත.

එය බලා පිළිතුරු සොයාගැනිම මීගමුවේ පුරවැසියන්ට පවරමු.