මීගමුවේ සියළුම දුප්පත් දරුවන්ට පොත් දිමට එරෙහි වු ලංසා නිසා නගරාධිපති අර්බුදයක

0
106

මීගමුවේ දුප්පත් දරුවන් වෙත ලබාදිම සදහා මහනගර සභාවේ සියළුම නාගරික මන්ත්‍රින් වෙත ලබාදුන් අභ්‍යාස පොත් දිමනාව මේ වසරේදි ඇමති නිමල් ලංසාෙග් නියෝගයක් නිසා එජාප මන්ත්‍රින් වෙත නොලැබෙන තත්වයක් උදාවි තිබේ.
එජාපයෙන් පළිගැනිමට සිතු ලංසා ගත් මේ අමන තකතිරු තින්දුව තමන් මහත්සේ පිළිකුල් කරන බවත් ලබන වසරේ එජාප රජයක් පිහිටුවිම අනිවාර්යය බවත් සියළුම ජනයාට එකසේ සැලකිම ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති පක්ෂයක් ලෙස තමන්ගේ රජයක් යටතේ පක්ෂ වලින් පළිගැනිම සදහා දුප්පත් දරුවන් අඩවන නිමල් ලංසාලාගේ ගොන්පාට් වලට නිසි පිලිතුරු ලබාදෙන බවත් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා පවසයි.
ඇමති ලංසාෙග් මේ තිරණය නිසා නගරාධිපතිවරයා මහත් අසරණ තත්වයකට පත්ව ඇති අයුරු තමන් ඇතුළු සියළුම නගාරික මන්ත්‍රිවරුන් දන්නා බවත් කෙසේ හෝ හෙට දිනයේවත් මෙයට සාධාරණයක් කිරිමට නගරාධිපතිවරයා පියවර ගතයුතු බවත් අවධාරණය කර සිටියේය.
විශේෂයෙන්ම ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ගේ බලප්‍රදේශයන් හි සිටින එජාප මන්ත්‍රින් වෙත පොත් ලබානොදිය යුතු යැයි ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් පවසා ඇතැයිද වාර්ථා වේ.
වැල්ලවිදිය පෙරියමුල්ල මේ අතර ප්‍රධාන වන බවද  සැලය.