මීගමුවේ සියළුම දුප්පත් දරුවන්ට පාසැල් පොත් ලැබෙනවාට ඇමති ලංසා එරෙහි වෙයි.

0
58

MF3-1122මීගමු මහනගර සභාව විසින් වාර්ෂිකව සියළුම මන්ත්‍රිවරුන් වෙත මෙතෙක් ලබාදුන් පාසැල් අභ්‍යාස පොත් දිමනාව මෙවර එජාපයේ නාගරික මන්ත්‍රිවරුන් වෙත ලබාදිමට සිය විරෝධය පළකරමින් එය නවතා දමා ඇතැයි වාර්ථා වේ.
මෙසේ එජාප මන්ත්‍රින්ට පොත් දිය යුතුම නම් එය ලබාදිය යුත්තේ එජාප නාගරික මන්ත්‍රිවරුන් 5 දෙනෙකු හට පමණක් යැයි ඔහු විසින් පවසා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර සිටි.
මේ මන්ත්‍රිවරුන් වන්නේ ඔහුට විශ්වාස වන්ත ලෙසින් කටයුතු කරන එජාප නාගරික මන්ත්‍රින්ය.
මෙසේ පොත් ලබාදෙන්නේ ඇමැති නිමල් ලංසාෙග් පුද්ගලික බුදලයෙන් නොවන බවත් මීගමුව ජනතාවගේ බදු මුදලින් බවත් මෙසේ එකාධිපති තකතිරු තින්දු ගැනිමට ඇමති නිමල් ලංසා ඇති අයිතිය කුමක්දැ එජාප නාගරික මන්ත්‍රිවරයෙක් ප්‍රශ්ණ කර සිටියේය.
එමෙන්ම මීගමුවේ සියළුම දුප්පත් ළමුන් මෙසේ පොත් ලැබිමට අයිතියක් දරන බවත් ඇමති ලංසාගේ මේ වියරු තින්දුව නිසා ඔහු සිතන්නේ ආණ්ඩු පක්ෂයේ දරුවන්ට පමණක් පොත් දිය යුතුයැයි නම් එය මීගමුවේ දුප්පත් දරුවන්ගේ මානව හිමිකම් කඩකිරිමක් බවත් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රකට මානවහිමිකම් ක්‍රියාකාරිකයෙකු සදහන් කර සිටියේය.
මේ පසුබිම යටතේ මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර යනු ආණ්ඩු පක්ෂයේ ජනතාවගේ පමණක් නගරාධිපතිද නැතිනම් මුළු මීගමුවේ බදු ගෙවන ජනතාවගේ නගරාධිපති දැයි තින්දු කිරිම දැන් ඔහු පැවරි ඇත.