මීගමුවේ සියළුම රාජ්‍ය බැංකුවල රජයේ සහන ණය වැඩසටහනේ කවුළු දැන් විවෘතයි !

0
75

RDB 1එන්ටර්ප්‍රයිස් ශ්‍රිලංකා ණය වැඩසටහන යටතේ මිගමුවේ රාජ්‍ය බැංකුවල ණය දිමේ කවුළු විවෘත කිරිම අද දිනයේ සිදුවුණි.
ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිෙම්න්තු මන්ත්‍රිවරුන් වන චතුර සේනාරත්න සහ හර්ෂණ රාජකරුණා යන අයගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාව සදහා මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත සහ ශ්‍රිලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල් සහ අදාල බැංකුවල ප්‍රධානින්ද එක්ව සිටියහ.
ප්‍රාදේශිය සංවර්ධන බැංකුව,මහජන බැංකුව ,ජාතික ඉතිරි කිරිමේ බැංකුව සහ ලංකා බැංකුව  යන බැංකුවල මේ ණය කවුළු විවෘත කිරිම සදහා ණය ඉල්ලම් කොට තිබු අය වෙත සංකේතාත්මකව ණය ලබාදිමද මෙහිදි සිදුවිය.