බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස්ට රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමේ අවස්ථාව හිමිව ඇති බව දිණමිණ වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි
ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ අවස්ථාව හිමිවූ බව ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසු බව වැඩිදුරටත් එහි සදහන්ය.
තවදුරටත් එහි මෙසේද සදහන්ය…..
බර ඉසිලීමේ ක්‍රිඩකයන් තිදෙනකු අතුරින් වඩාත්ම සුදුසුකම් ඇති ක්‍රීඩකයා ජාතික තේරීම් කමිටුව විසින් ඊයේ නම් කළේය. මේ අනුව රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගීවන කණ්ඩායම 9 දක්වා ඉහළ ගොස් තිබේ. මැරතන් තරගයට අනුරාධ ඉන්ද්‍රජිත් හා ගීතානී රාජසේකර, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන්, ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් හා පිහිනුම් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ඒ අතර වේ. පසුගිය කාලයේදී ජාත්‍යන්තර තරගවලදී දක්ෂතා දැක්වූ සුදේශ් පීරිස්, ඉන්දික දිසානායක හා ජේ. ඒ. සී. ලක්මාල් යන ක්‍රීඩකයන් තිදෙනා අතුරින් රියෝ ඔලිම්පික් උළෙලට සුදේශ් පීරිස්ගේ නම තෝරාගෙන ඇත.
සුදේශ් පීරිස් නිමාවට පත්වූ දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් රන් පදක්කම දිනාගත් අතර 2014 ග්ලාස්ගොව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම හා 2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් අතර ඉන්දික දිසානායක නිමාවූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් රිදී පදක්කම හා පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කරන ජේ. ඒ. සී. ලක්මාල් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගනිමින් නව දකුණු ආසියා වාර්තාවක් බිහි කිරීමට සමත් විය.
මෙවර සහභාගීවන බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස් ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලකට සහභාගීවන සිවුවැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත. මෙයට පෙර 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට එස්. එම්. ද සිල්වා, 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට අසේල විජේවික්‍රම හා 2008 බීජිං ඔලිම්පික් උළෙලට චිංතන ගීතාල් විදානගේ සහභාගීවී ඇත. මේ අතර මුල් වරට ජූඩෝ ඔලිම්පික් වරම් ලබා ස්ලෝවේකියාවේ පුහුණුවකට ගොස් සිටින චාමර නුවන් ක්‍රීඩකයා විශේෂඥයෙක් යටතේ පුහුණුව අරඹා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ම්වෙල් ද සිල්වා මහතා පැවැසීය.
ආරක්ෂක හමුදාවක සේවය කරන චාමර නුවන්ට තම සේවා ස්ථානයෙන් විදෙස්ගතවීමට අවසර ලබා නොදීමෙන් දින 15ක පමණ කාලයක් විශේෂඥ පුහුණුව අහිමිවීම කනගාටුවට කරුණක්වූ බවද මැක්ස්වෙල් මහතා පැවැසීය. ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන තම සේවා ආයතනයෙන් වැටුප් ලබන ක්‍රීඩකයෙක් බැවින් පළමුව සේවා ආයතනය නියෝජනය කරමින් දේශීය ක්‍රීඩා තරගවලට එක්විය යුතු බව පවසා විදෙස්ගතවීමේ නිවාඩු අනුමත කිරීම ප්‍රමාදවී තිබුණි. ඔලිම්පික් වරම් දිනූ චාමර නුවන් පසුගියදා නිමාවට පත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය යටතේ රිදී පදක්කමක් දිනාගත් අතර, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. එහිදී ඔහු දක්ෂ ක්‍රීඩකයන්ට අභියෝගයක් වෙමින් මූලික වටයේ ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගැනීමට සමත් විය. මේ ක්‍රීඩකයාට ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමෙන් රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමේ වරම් හිමිවූ අතර, එයට පෙර ස්ලෝවේකියාවේ වැඩිදුර පුහුණුවක් ලබාදීමටද ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා තිබුණි.
සුදේශ් පිරිස් යනු මීගමුව මුන්ක්කරය සිය ග්‍රාමය කරගත් දිරියෙන් ක්රිඩාදිවි මග ජයගත් සුපිරි ක්‍රිඩකයෙකි.
මීපුර අපේ සුපැතුම්
(www.dinamina.lk ඇසුරිනි )