මීගමුවේ සුපිරි ආපනශාලා වලත් කල්ඉකුත්වු කෑම ?

0
501

 

14

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි (MOH) කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් මේ දිනවල මීගමුවේ ආපන ශාලා පරික්ෂාවකට ලක්කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර  ඇත.
මෙයට අදාලව ඊයේ දිනයේ මෙහෙයුම ආරම්භ වුයේ නවලෝක රෝහල අසලිනි.
ඒ අසල වු සුපිරි පන්නයේ ආපනශාලා දෙකක් නිරික්ෂණයට ලක්වු අතර ඒ දෙකෙහිම ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක ප්‍රමිති නීති නිසි අයුරින් පිළිනොපැදිම නිසා උසාවි යන්නට දැන් සිදුව තිබේ.
ඇතම් නිෂ්පාදනයන් හි නිෂ්පාදිත දින සදහන්ව නැත.මේ නිසාම පාරිහෝගිකයාට  අදාල ආහාර වර්ගය කල්ඉකුත්ව ඇතිදැයි දැනගැනිමට ඉඩක් නැත.
තවත් ආහාර වර්ගවලදි ඒවා තැනිම සදහා යොදා ගැනෙන දෑ පිළිබදව කිසිදු සදහනක් තිබුනේ නැත.
පුදුමය වන්නේ මේ එක් ආපනශාලාවක් ජාතික වශයෙන්ම ප්‍රසිද්ධියක් උසුුලන කොළඹ ඇතුළු ප්‍රධාන නගරයන්හිද ආපනශාලා ජාලයක් පවත්වාගෙන යනු ලබන එකක් විමයි.89

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here