මීගමුවේ සුපිරි පාසැල් පරදා මංකුලියේ සා.අන්තෝනි පාසැලට සම්මානයක් !

0
213

mankuliya 2මීගමුවේ සුපිරි පාසැල් ගණනාවක් පැවතියද මංකුලියේ දුප්පත් දරුවන් බහුතරක් පාසැල යන සා.අන්තෝනි විදුහල ඉතාමත් වැදගත් සම්මානයක් දිනා ඇති බව මීපුරට වාර්ථා වේ.
එනම් මීගමුව අධ්‍යාපන කොට්ටාශයේ ඩෙංගු පාලනය කරනු ලබන හොදම පාසැල වශයෙනි.
ඩෙංගු මරාන්තික බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ පසුබිම යටතේ පාසැලේ විදුහල්පතිවරයාගේ මගපෙන්විම යටතේ මංකුලිය පාසැල මහත් පරිශ්‍රමයක් දරා ඇති බව පෙනේ .
මීගමුවේ අනෙකුත් සුපිරි පාසැල් ඩෙංගු පාලනය සදහා විවිධ වැඩසටහන් යොදා තිබුනද එවා බොහොමයක් ක්‍රියාවට නගනු ලබන්නේ එකි පාසැල් වල කම්කරුවන් විසින් මිස පාසැල් දරුවන් විසින් නොවේ.
මේ නිසාම ඩෙංගු මදුරුවාට එරෙහි සටන පාසැල් දරුවන්ගේ ජිවිතයේ කොටසක් වන්නට ඇත්තේ අඩු ඉඩකි.
මේ පසුබිම යටතේ මංකුලිය පාසැල පළමු තැනටත් කට්ටුව ප්‍රැන්සිස් සාලෙස් පාසැල දෙවෙනි තැනටත් ආවේ මරියා පාසැල තෙවන තැනටත් පත්ව  තිබේ.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් මේ වැඩසටහන පාසැල් අලලා ක්‍රියාත්මක කොට තිබුණි.