මීගමුවේ සුපිරි යැයි කියන පුද්ගලික රෝහලක ප්‍රමිතිය පිළිබදව ගැටළුවක් ?

0
43

 

Baby picමීගමුව ඇති පුද්ගලික් රෝහල්වල  සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය සහ එහි ඇති පහසුකම් ඔවුන් විසින් භාරගනු ලබන ඇතැම්  වගකිම් ඉටුකරන්නට තරම් ප්‍රමාණවත්ද  යන්න ගැන සංවාදයක් පසුගිය දිනවල මතුව තිබුණි.
මෙයට මුල්ව ඇති හේතුව වන්නේ පසුගිය දිනක මීගමුව පුද්ගලික රෝහලකදි  සිසේරියන් සැත්කමක් මගින් සිදුකරන්නට යෙදුන දරු උපතකදි එකි බිළිදාගේ මුහුණේ සියුම් කැපුමක් ඇතිව තිබීමත් තවත් අවස්ථාවකදි එකි බිළිදාගේ මුත්‍රා පිටවිම සම්බන්ධයෙන් ගැටළු මතුවෙමින් තිබියදි බිළිදා යළිත් මීගමුව රෝහලට ඇතුලත් කරන්නට විමත් ගැනය.
මෙහිදි මතුවන එක් කරුණක් වන්නේ දරු ප්‍රසුතියක් සදහා ප්‍රමාණවත් පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින්නේද යන ගැටළුව මෙහිදි බරපතල ලෙසින් මතුව තිබේ.
විශේෂයෙන්ම ඇවැසි ප්‍රමිතියට සරිලන නොමේරු ළඳරු ඒකකයක් මේ  රෝහල තුල ස්ථාපිතද යන්න අනිත් කරුණය.
ලක්ෂ 2 කකට ආසන්න මුදලක් ගෙවා දරු උපතකට ඇතුළු වන මවකට සිය අළුත උපන් බිළිදාව  මීගමුවේ රජයේ රෝහලේ තබා මවට පුද්ගලික රෝහලට වි සිටින්නට සිදුවන්නේ නම් පුද්ගලික රෝහල්වල සේවය කුමටද යන්න අද ප්‍රශ්ණයකි.