ගම්පහ දිස්ත්රික්කයේ වේගයෙන් ඉදිරියට යමින් තිබෙන වෙළද නගරයක් වු මිගමුව තුල දැන් සියළුම වර්ගවලට අයත් සුපිරි වෙළද සැල් රැසකි.
මේ සැම සුපිරි වෙළද සැලකම නඩත්තුව පැවැත්ම සදහා දිගින් දිගටම දරන්නට සිදුවන පිරි වැයට සාපෙක්ෂකව ආදායම් ලැබිම පිළිබදව ගැටළු රැසක් මතුවෙමින් ඇති බැව් සැලය.
භාණ්ඩ මිළ ගණන් දිගින් දිගටම ඉහල යමින් තිබිමත්, ජනතාව අතර අදායම් අඩුවිමත් තුල මේ බොහොමයක් සුපිරි වෙළද සැල් වල ආදායම බරපතල ලෙසින් පහල වැටෙමින් තිබේ.
මේ තත්වය කළමණකාරණය කරගැනිම සදහා මේ දිනවල විවිධ ප්රවර්ධන වැඩසටහන් බොහොමයක් මේ සුපිරි වෙළද සැල් විසින් දැන් හදුන්වා දෙන්නට පටන් ගෙන තිබේ.
මේවා ගැන යම් අවධානයක් යොමුකිරිම පාරිභෝගිකයන් හට ප්රයෝජනවත් වන්නේ ඒ තුලින් සුපිරි ලාබයක් ඇතැම් විට ලබාගැනිමට පාරිභෝගිකයන් හටද අවස්ථාවක් උදාවෙමින් තිබිම නිසාය.