මීගමුවේ සුළු ජාතික මහජන නියෝජිතයින්ට අසාධාරනයක් ??? ..

0
78

නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මීගමුව මහා නගර සභාවේ දී නව නාගරීක මංති‍්‍ර මන්ඩලයේ ප‍්‍රථම මහ සභා රැස්වීම පැවැත්විණි. පක්ෂ විපක්ෂ නාගරික මංති‍්‍රවරුන්   අදහස් ප‍්‍රකාශ කල  අවස්ථාවේ කථා කල විපක්ෂයේ  (එ.ජා.ප.යේ ) ද්‍රවිඩ ජාතික , සජිත් මෝහන් නාගරික මංතී‍්‍රවරයා සඳහන් කලේ මීගමුවේ සුළු ජාතික මහජන නියෝජිතයින්ට විශාල අසාධාරණයක් සිදු වන බවයි.

ඔහු සිය අදහස් දක්වමින් කියා සිටියේ තමන් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නම් කොළඹ මහා නගර සභාවේ පුරපතිවරයා ලෙස මුස්ලිම් ජාතිකයෙකු වන මුසම්මිල් මහතාව කිසිදු ගැටළුවකින් තොරව නම් කර ඔහුට එම ධුරය භාර දුන් බවයි. එහෙත් මීගමුව පුරවරයේ මෙවර මහා නගර සභා මැතිවරණයේදී කොයි කවුරුත් බලාපොරොත්තු වුයේ ආන්ඩු පක්ෂයේ වැඩිම මනාප ලබා ගත් දයාන් ලංසා මහතා නගරාධිපති වීමය. එහෙත් ආන්ඩු පක්ෂයේ ප‍්‍රතිපත්ති මත දයාන් ලංසා මංතී‍්‍රවරයාට නගරාධිපති ධුරය ලබා නොදුන් විටදී බොහෝ දෙනෙකු බලාපොරොත්ත්තු වුයේ නගරාධිපති ධුරය මනාප ලැයිස්තුවේ දෙවන තැන හිමි සකාවුල්ලා මංතී‍්‍රවරයාට ලබා දෙන බවයි. එහෙත් නගරාධිපති ධුරය ඔහුට නොලැබුණු නිසා මීගමුවේ ජනතාව අතර පැතිර ගියේ වෙනත් කථාවක් බවද ඔහු පැවසීය. එහිදී තමාට වාර්තා වුයේ මීගමුව වැනි කතෝලික පුරවරයක නගරාධිපති ධුරය තතෝලික නොවන කෙනෙකුට ලබා නෙදෙන බවකි. 2006 නිමල් ලංසා මහතා පලාත් සභාවට පිවිසෙන විටදී නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමි විය යුතුව තිබුනේ මුස්ලිම් ජාතික මංතී‍්‍රවරයෙකු වූ ෆරීස් මහතාටය. එහෙත් එය ඔහුට නොලැබුණු බවත් එය ඒ මංති‍්‍රවරයාගේ, මේ දැන් කල කථාවේදී ප‍්‍රකාශ කල බවත් ඔහු පැවසීය. ජනාධිපතිතුමා සිය කථාවන් වලදී නම් සෑම විටම පවසන්නේ දැන් රටේ සුළු ජාතියක් නොමැති බවත් ඉන්නේ රටට ආදරය කරන සහ රටට ආදරය නොකරණ පිරිසක් බවයි. මෙම කථාව ජනතාධිපතිවරයා නිතරම පවසනු තමන් අසා ඇති බවද ඔහු පැවසීය. ආන්ඩු පක්ෂයේ ප‍්‍රතිපත්ති පිලිබඳව තමාට නිසි අවබෝධයක් නැති බවත් මින් පසු හෝ හිමි විය යුතු නිල තල වේ නම් සාධරණ ලෙස ජාති භේද,  ආගම් භේද ගැන නොසලකමින් ඒවා සුදුසු අයටම ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු නගරාධිපතිවරයා ඇතුළු ආන්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කලේය.