මීගමුවේ සුළු ධීවරයන් වර්ජනයක.

0
112

P1130318මීගමුවේ  කොටුව පිට්ටනිය අසල වැල්ලේ කරවල අලෙවි කරන ව්‍යාපාරිකයන් සිය කරවල නිෂ්පාදන කටයුතු සදහා පිටපළාත් වලින් මාළු ගෙන ඒමට විරෝධය පළ කරමින් වැල්ලවිදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවල කුඩා බෝට්ටු ධීවරයන් අද මුහුද යෑමෙන් වලැකි සිය විරෝධය පළ කරන්නට කොටුව පිට්ටනිය වැල්ලට  රැස්ව සිටියහ.මෙම විරෝධය  සදහා ඔවුන් හේතු දැක්වූයේ  තමන්ගේ මත්ස්‍ය නිෂ්පාදන,  කරවල නිෂ්පාදනය සදහා නොගෙන කරවල ව්‍යාපාරිකයින් ඒ සදහා පිටින් මාලු ගෙන්විම තමන්ට බලපාන බවයි.
මේ සදහා විරෝධය දැක්වූ ධීවරයින්ට මීගමුව පොලීසිය විසින් බාධා කරමින්ප්‍රකාශ කර සිටියේ එම ස්ථානය අවට උසාවි කීපයක්  තිබෙන නිසා සාමය කඩවුවහොත් අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුවන බවයි. පසුව මෙම දෙපිරිස මේ ගැටළුව සාකච්ඡා කිරීම සදහා මීගමුව පොලිස් ස්ථානය වෙත ගිය අතර  ගැටලුව සදහා කිසිදු විසදුමක් තවමත් නොලැබුණ බව ධීවරයින් පවසති.

P1130321

 

 

P11303211

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here