මීගමුවේ සේනානායක මාවතේ වෙළදුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් ….?

0
53

stock-vector-night-a-thief-wearing-a-mask-prepares-to-steal-89329585මීගමුව දුම්රිය පළ අසලින් මීගමුව බස්නැවතුම වෙත දිවෙන සේනානායක මාවතේ සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රි පොල පවත්වාගෙන යෑම සදහා ටෙන්ඩර් ලබාගෙන ඇති අයෙකු වේ.ඔහුට එ් සදහා අවසරය ඇත්තේ සෑම සෙනසුරාකම පමණි.
මෙයට අමතරව නත්තතල් සමයේ නගරයේ අලෙවි සැල් පවත්වාගෙන යෑම සදහා ටෙන්ඩර ලබාගෙන ඇති පුද්ගලයා හට සේනානායක මාවත භාවිතා කිරිමට ටෙන්ඩර කොන්දේසිවලට අනුව අවසරය ඇත්තේ දෙසැම්බර් 24 වෙනිදාත් දෙසැම්බර් 31 වනදාත් පමණි.
මේ අදාල කාල සිමාවන් හි ඇරෙන්නට සේනානායක මාවත කිසිදු වෙළද කටයුත්තක් සදහා අවසර දි නැත.
එහෙත් පසුගිය දිනවල වාර්තා වුයේ කිසියම් පිරිසක් විසින් ඉහත කි දිනවලට අමතරව වෙළදාම් කටයුතු කරගැනිම සදහා වෙළදුන්ට අවසර දි ඒ අයගෙන් මුදල් ලබාගන්නා බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව මහනගර සභාවේ ගණකාධිකාරිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් නගර සභාවටද පැමිණිලි ලැබි ඇති බවත් ඒ ගැන තමන් විසින් පෙලිසියට පැමිණිලි කර ඇති බවත්ය.