මීගමුවේ සෞඛ්‍ය ප්‍රශ්ණ ගැන තීන්දු ගන්නේ MOH ද ? දේශපාලකයන්ද ?

0
159

මීගමුව යනු පරිපාලන අධිකාරියේ බහුතරයක් එහෙම පිටින්ම පිටකොදු බිදගත් ඔලමොළ නිවටුන්ගේ තත්වයට පත්ව ඇති ලංකාවේ ප්‍රධානතම නගරයක් බවට පත්වෙමින් තිබේ.
මේ නිසාම කිසිදු වගවිභාගකින් තොරව තමන් උගත් දැනුමද තමන්ගේ නිලයට අයත් විෂයපතය හෝ ගැන කිසිදු අවධානයක් යොමුනොකර මේ කිසිවක් නොදන්නා එයට ගැලපෙන උගත්කමක් හෝ නැති දේශපාලන බයියන්ගේ තනි තීන්දු වලට නැමෙමින් පරිපාලන ක්ෂේත්‍රය තුල දැවැන්ත අර්බුදයක් නිර්මානය කරමින් තිබේ.

මෙයට සම්බන්ධ නවතම විහිළුව වි ඇත්තේ කොරෝනා අවදානම් සහිත ගම්මාන පසෙක තිබියදි මිගමුවේ ප්‍රධාන පුරවැසියා වන දයාන් ලංසා තමන්ගේ ගමට එන්නත ලබාදිමට තිරණය කිරිමය.

වැල්ලවිදියේ ජනයාට එන්නත ලබාදිම සම්බන්ධයෙන් අපට කිසිදු ගැටළුවක් නැත. එහෙත් එන්නතට අදාලව ප්‍රධාන ප්‍රමුඛතාවය පදනම් විය යුත්තේ විද්‍යාව මත මිස ලංසා පවුල් වාදය නොවන බව තේරුම් ගන්නට මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා වරයා කොන්දක් නොතිබිම ගැන මේ වනවිටත් දැවැන්ත විවේචනයක් එල්ල වි තිබේ
මේ කටයුතු සිදුවන අන්දමට පෙනි යන්නේ MOH මිගමුවේදි වගකියන්නේ ලංසා පවුලට මිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොවන බවය.

මිගමුවට ඊයේ දිනයේ ලැබි ඇතැයි වාර්තා වන එන්නත 1300 කට ආසන්න ප්‍රමාණයේන 20% ක පමණ ප්‍රමාණයක් පමණක් වැල්ලවිදියේදි ලබාදි තිබේ.
එහෙත් වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ ලැබෙන මුළු ප්‍රමාණය ඊයේ දිනයේම විද අවසන් කළ යුතු බවය.
එහෙත් මිගමුව තුල එය ක්‍රියාත්මක නැති බව පැහැදැලිය.මේ නිසා සැබෑ අවශ්‍යතාවය ඇති වැඩි අවදානම් සහිත ගම්වලට එන්නත ලබාදිම තවත් පමා වනු ඇත