මීගමුවේ හන්දිගානේ සුරුවම් තියලා සෑබෑ කිතුණුකමට පණදිය හැකිද ?

0
246

clock tower and the statueඅද හැන්දැවේ මම මීගමුවේ ආර්පිකෝ සුපර් එක ලගින් යන කොට දැක්කා එතන හංදියෙත් සුරුවමක් තියෙන්න යනවා.
දැන් බලන් ගියාම සුරුවමක් නැති හංදියක් නැති ගානයි.
සමහරක් සුරුවම් තියල තියෙන්නෙ ඒවැන්නක් තැබිමට කිසිදු පරිසරයක් නැති තැන්වල . මේ සමහරක් තැන් කාණු .ඒට උඩත් සුරුවම්.
හැබැයි මේ කොයිතරම් සුරුවම් තිබ්බත් දැන් කාලෙකට ඉස්සරවෙලා එක්තරා දේශපාලකයෙක්ම කිව්වා මීගමු දැන් චිකාගෝවක් වගේ කියල.
අපි දන්න කිතුණු දහමේ ජේසුගේ දර්ශනය කියන්නේ ප්‍රදර්ශණකාමි එකක් නෙමේ .උන්වහන්සේ පෙනි සිටියේ අසාධාරණයට එරෙහිව .
නමුත් කව්ද මීගමුවේ එහෙම කිතුණුවෝ ඉන්නේ .. අඩුම තරමේ සුවාමිලවත් .
අනේ පව්…
අපේ පාප්තුමා කියල තියෙන්නේ කළු සල්ලි පල්ලිය පැත්තට වද්ද ගන්නවත් එපා කියල.
ඒත් අපොයි අපේ ස්වාමිල..
මීගමුවේ හැමෝම දන්නවද මන්ද අර ඔරලෝසු කණුව මුදුනෙ තියපු මරිය මව්තුමියගේ සුරුවමේ අනුග්‍රහය දායන් ලංසාගෙන් .
බුදු අම්මෝ එයා ගැන මේ පල්ලිවල ස්වාමිල දන්නේම නැද්ද.
වස ලැජ්ජාවයි පාප්තුමා දන්නවනම් .
පාප්තුමා ඔහොම නෙමෙයි දවස ගාණේ කිව්වත් අපේ ස්වාමිල මේ බොහොමයක් දේවල්වලට දැන් වශි වෙලා ඉවරයි.
ඉස්සර තමයි මීගමුවේ ප්‍රතිපත්තිගරුක ස්වාමිල හිටියේ.
අබා කොස්තා ස්වාමි,ආටි අමරතුංග ස්වාමි ,ඉද්දමල්ගොඩ ස්වාමි ඇයි අයිවන් ස්වාමි ,ජෝර්ජ් බර්නාර්ඩ් ස්වාමි දැන් කව්ද එහෙම අය ඉන්නේ .අඩුම තරමින් ලගින් යන අයවත්..
ලැජ්ජයි….සමරහක් අය හරියට පුංචි මුදලාලි වගේ .
අනේ පාප්තුමෙනි,ඔබතුමාගේ ජිවන දර්ශනයට අත්වැල් අල්ලන්න අපේ මීගමුවෙ නම් ස්වාමිල හරිම හිගයි…..
එස් .වර්ණකුලසුරිය