මීගමුවේ හුරුල්ලා ඇයි මෙච්චර ගණන් …?

0
323

dirty-fish-m-1-224x300හුරුල්ලෙක් බැදල කන්න  ආස අය වැල්ලට ඇවිත් හුරුල්ලන්ගේ ගාණ අහල අාපහු හැරෙනවා. සාමාන්‍යයෙන් රු 150 ට සහ 200 ට ගිය හුරුල්ලෝ කිලෝ එකක් දැන් 400- 500 ක් විතර වෙනවා.
මේ අසාමාන්‍ය මිළ වැඩිවිම ගැන අද මීගමුවේ වැල්ලේ ධීවරයෙකුගෙන් විමසා  සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ විශේෂයෙන්ම මේ මාසයේදි ඇතැම් ධීවරයන් විසින් සිදුකරන ලබන  මාළු ඇල්ලිමේ විශේෂිත ක්‍රමයක් වු එක දිගට තංගුසක ගැට ගැසු බිලිකටු සදහා මේ දිනවල  ධිවරයන් විසින් හුරුල්ලෝ කිලෝ එකක් රු 500 කට හෝ  මුදලට හෝ මිළදි ගැනිම නිසා හුරුල්ලා  මිළ අධික වි අැතැයි කියාය.
මේ නිසා සාමාන්‍ය ජනයාට බදින ලද හුරුල්ලෙකු සප්පායමකට ගැනිමට නොහැකි වි තිබේ.
ධීවරයන් පවසා සිටින්නේ එක් රැකියාකරුවෙකු විසින් පමණක් ඇතැම් විට බිලිකටු 1000 පමණ එකවර යොදාගන්නා බවකි.විහේෂයෙන්ම මැයි මාසය පුරාවට මේ රැකියා පන්න ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් හුරුල්ලන් අඩුමුදලට ගැනිම සදහා තවත් කාලයක් බලා සිටින්නට සිදුව තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here