මීගමුවේ food court එක කැල්ටන් ! කෑම ජාති ගොඩයි ! රෑටත් විවෘතයි !

0
512

IMG-20190816-WA0036(11.30 pm ) කැල්ටන් එක කියන්නේ මිගමුවට පාන් පිළිබද අලුත් අත්දැකිමක් ලබාදුන්න පුරෝගාමි බේකරි නිෂ්පාදන ආයතනය.ඒ කාලේ කැල්ටන් පාන් කිව්වම හැමෝටම අළුත්ම අත්දැකිමක්.
අපි කන්න පුරුදු වෙලා හිටපු අච්චු පාන් සංස්කෘතිට නවමු අත්දැකිමක් මේ අනුව එක්වුණා.
ඒ කාලේ ඉදන් ප්‍රමිතියෙන් යුත් බේකරි නිෂ්පාදන අයිතමයන් රැසක් වෙළද පලට හදුන්වා දෙමින් ශාඛා ගණනාවක් ජාලයක් මිගමුව තුලත් ඉන් බැහැරවත් පවත්වාගෙන යන කැල්ටන් එක දැන් තවත් අලුත් වැඩ ගොඩකට අතගහලා.
ඒ තමයි සුපිරි රාත්‍රි කෑම අයිතමයන් රැසක් හදුන්වා දි තිබිම..
දියණු නගර වල තියෙන food court කියන සංකල්පය ක්‍රියාත්මක එකම තැන මීගමුවේ කැල්ටන් පමණයි.
ඉතින් ඒක නම් මිගමුවෙත් මිගමුව හරයා යන වෙනත් ප්‍රදේශවල කටරහට කන්න තැන් හොයන අයට හොදම ආරංචියක් වෙයි !
ඒ විතරක් නෙමෙයි මිගමුවෙන් බිහිවෙච්ච වැඩිම  ශාඛා ගණනක් තියෙන ආයනය වෙන්නෙත් කැල්ටන්ම තමයි. මිගමුව සහ අවට නගරවලත් එක්ක දැන් ශාඛා 23 ක් ..
ඒ විතරක් නෙමෙයි මිගමු කේන්ද්‍රකොට ගෙන බිහිවුණු ව්‍යාපාරික ජාලයක් කොළඹ අගනගරයේත් ශාඛාවක් විවෘත කර තිබිම සැබැවින්ම සුවිශේෂියි.