මීගමුවේ PHI ලාට තරු පෙණුන නෙස්ලේ මුදලාලිගේ ගේම ?

0
242
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්
ලෝක බැංකු වැඩසටහන යටතේ බේකරි හිමියන් දැනුවත් කිරිම

මීගමුවේ ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරිමේ ප්‍රයෝජනවත් වැඩමුළුවක් පසුගිය දිනක මීගමුවේ කැටමරන් හෝටලයේදි පැවැත්විණි.
එයට පුර්ණ අනුග්‍රහය ලැබි තිබුනේ ලෝකබැංකු වැඩසටහනක් යටතේ බස්නාහිර පළාත් සභාවෙනි.
මීගමුවේ ප්‍රධාන පෙලේ ආපන ශාලවලදි සිදුකෙරෙන පොදු වැරදි ඉතා නිවරදි ලෙසින් නිරික්ෂණය කොට ඒවා රූපමය සාක්කි සහිතව ගෙනහැර දැක්වු මෙම වැඩමුළුව ඉතාමත් ප්‍රයෝජනවත් බව එය ගොස් සිටි බහුතරයකගේ මතය විය.
අජිනමෝටෝ වැනි රසකාරක යෙදිමේදි ලංකාවේදි සිදුවන වැරදි ගැනද එහි අාදිනව ගැනද මෙම වැඩ සටහනේදි ප්‍රධාන අවධානයට ලක්ව තිබුණි.
වලං කාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට එකදවසයි යැයි කියමනක් තිබේ.
මෙම වැඩමුළුව අවසානයේදි ද සිදුව තිබුනේ එවැන්නකි.
ව්‍යාපාරිකයන් සදහා වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වැඩමුළුවෙන් පසු නෙස්ලේ සමාගමේ කෝකියන් පිරිසක් විසින් මීගමුවේ ව්‍යාපාරිකයන්ට රසැති වට්ටෝරු යොදා කෑම පිසගත හැකි අන්දම ගැන ද කරුණු කියන්නට යෑම නිසාය.
එහිදි ඔවුන් විසින් කියන්නට යෙදුන රසකාරක ගැන එහි සිටි ආපන ශාලා හිමිකරුවෙකු විසින් මතුකළ ප්‍රශ්ණයක් හේතුවෙන් වැඩමුළුව උණුසුම් ආකාරයක් ගෙන තිබුණි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අජිනමෝ ගැන ප්‍රවර්ධනය නොකර කථා කලද නෙස්ලේ කෝකියන් විසින් සිදුකලේ අජිනමොටෝ ඇතුළු ඒ ගණයේ රසකාරක ප්‍රවර්ධනය කිරිමය.
මේ නිසා මහත් වෙහෙසක් දරා වඩාත් සාර්ථකව සංවිධානය කර තිබුණ වැඩ මුළුවට පැන්න නෙස්ලේ පොලුකාරයා PHI මහත්තුරුන්ගේ අවුරුද්දක වැඩ පැයෙන් හමාර කලේය.