”මීගමුව අද චිකාගෝවටත් අන්තවෙලා.’-ඇමති නිමල් ලංසා

0
164

මීගමුවේ අද සිදුවෙන දේවල් වල හැටියට එය චිකාගෝවටත් වඩා අන්තවෙලා… යැයි ඇමති නිමල් ලංසා අද මීගමුව පොලිසියේ පැවැති රැස්විමකදි සිය අදහස් පළකරමින් ප්‍රකාශ කර සිටියේය.
මීගමුවේ දැනට සිදුවෙමින් ඇති මංකොල්ල රැල්ල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කිරිම සදහා මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම කැදවා තිබුණි.
මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් ඇමති නිම්ල් ලංසා පවසා සිටියේ පුෂ්පා මංකොල්ලය සදහා අනිවාර්යෙන්ම මීගමුවේ කාගේ හෝ සම්බන්ධයක් ඇති බවය.තමන් වැරදි  නොකරන පුද්ගලයෙකු බව කියන්නටද ඇමතිවරයා අමතක නොකළේය.
මීගමුව නගරය පුරාවට සහ සංචාරක කලාපය තුල ආරක්ෂක කැමරා පද්ධති සවි කිරිම සදහා තම අමාත්‍යංශය සහ මීගමුව මහනගර සභාව එක්ව මුදල් යෙදවිමටද පොරොන්දු විය.
මේ අතර අද මීගමුව මේ තත්වයට පත්විම සමබන්ධයෙන් විශේෂයෙන්ම මීගමුවේ දේශපාලන අධිකාරියේ චණ්ඩිකරණය සහ පතාල වැඩ බලපා ඇති බවට ප්‍රසිද්ධ චෝදනාවක්ද තිබේ.
මේ චෝදනා පසුගිය කාලය තුල වැඩියෙන්ම එල්ලව තිබුනේ ඇමති නිමල් ලංසාගේ සමිපතයන් සහ පවුලේ සමාජිකයන් වෙතය.
කෙසේ වෙතත් ඇමති නිමල් ලංසා අවධාරණය කර සිටියේ මීගමුවේ ආරක්ෂක වැඩපිළිවෙල සදහා සිය පුර්ණ සහය ලබාදෙන බවය.
මේ රැස්විම සදහා මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක ධිවර හා ජලජ ආමාත්‍ය සරත් ගුණරත්න මහතා නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා සහ විශාල ව්‍යාපාරික මහත්ම මහත්මීන් පිරිසක් සහභාගිව සිටියහ
මෙම රැස්විම මීගමුව පොලිස් ස්ථානයේ රැස්විම් ශාලවේදි  පැවැත්විණි.
nimal lansacrowd

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here