මීගමුව අධ්‍යාපන කලාපයේ ගුරු උද්ඝෝෂණය

0
302

 

මීගමුව අධ්‍යාපන කලාපයේ පාසල් 116 ක සහ පිරිවෙන්වල රාජකාරීයේ යෙදෙන ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුවර ගුරුවරියන් ගේ සහභාගිත්වයෙන් අද එනම් 2024 /06 / 12 දින විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විය.

කටුනායක පිහිටි, මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණය පස්වරු 2.15 සිට පස්වරු 3.15 දක්වා පුරා පැයක පමණ කාලයක්  පැවැත්විණි.


අද දින දීප ව්‍යාප්තව සියළු අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිටදී පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාවේ මීගමු අධ්‍යාපන කලාපයට අදාළව පැවැත් වූ මෙම උද්ඝෝෂණය සඳහා කලාපයේ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකවරුන් ඇතුළුව 500කට අධික පිරිසක් සහභාගි වූහ.

img 20240612 wa00603410173516151969994
img 20240612 wa00594894290221818917504
img 20240612 wa00562219932596224858512
img 20240612 wa00556005845510267132740


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයේ දී මේ සඳහා සහභාගි වූ බහුතරයක් ප්‍රකාශ කළේ තමන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ වැටුපෙන් මෙතෙක් ලබා දී ඇත්තේ තුනෙන් එකක කොටසක් පමණක් බවයි. එහෙයින් වැඩිකළ වැටුපේ මෙතෙක් ලබා නොදුන් ඉතිරී තුනෙන් දෙකේ කොටස වහා ලබා දෙන ලෙස රජයට බල කිරීම මෙම උද්ඝෝෂණය ප්‍රධාන පරමාර්ථය විය.

එලෙසම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසත් , විදුහල්පතිවරුන්ගේ රාජකාරිමය ගැටලු වහාම විසඳන ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණය පැවැත්වීමේ තවත් අරමුණක් වී තිබිණි.
එලෙසම මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ඇතැම් ගුරුවරුන් සටන් පාඨ කියමින් රජයට කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය වලපල්ලට යවන තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම වහා නවතා දමන ලෙසයි. ඒ අනුව ඉහළ ගිය පොත්පත් සහ පාසල් උපකරණ වල මිල ගණන් ද වහා අඩු කරන ලෙසත් , පාසල්වල නඩත්තුව දෙමව්පියන් මත පටවා පාසල් වසා දමන වැඩපිළිවෙල වහා නවතා දමන ලෙසත් උද්ඝෝෂකයින් මෙහිදී රජයට බල කලේය.


එමෙන්ම ගුරු සේවාවේ දැනට ප්‍රමාද වී ඇති සියලු උසස්වීම් කඩිනම් කරන ලෙසද මෙහිදී රජයට බල කලේය. එමෙන්ම මෙම උද්ඝෝෂකයින් රජයට අවධාරණය කළේ මෙම ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් එළඹෙන 26 වැනිදා (2024/06/26) රටේ සියලු පාසල් වසා දමා සමස්ථ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකවරුන් සමග කොළඹට පැමිණ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැලෙන බවයි..

පුරා පැයක පමණ කාලයක් පැවැති මෙම උද්ඝෝෂණය පසුව විරෝධතා පාගමනක් බවට පත්වු අතර උද්ඝෝෂකයින් මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට පිහිටි මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ එම සටන් පාඨ කියමින් එම පාගමන පවත්වා පසුව මෙම උද්ඝෝෂණය අවසන් කළේය.

ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් මෙය සංවිධානය කර තිබුණි.

img 20240612 wa0048678073827167482362
img 20240612 wa00472633548739695203343
img 20240612 wa00467521489546696409577
img 20240612 wa00629120386309113777849
img 20240612 wa00542919770798756793531
img 20240612 wa00524857301997431673135

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here