මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා රාජ්‍යය සේවයට සමුදෙයි.

0
148

වසර 38 රාජ්‍ය සේවකයෙක් වශයෙන් සේවය කල මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ඒ.ඒ.මයිකල් ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (24 වනදා ) වැල්ලවීදිය ශා.සෙබස්තියන් දේවස්ථානයේ ජුබිලි ශාලාවේදී පැවැත්විණි. මයිකල් ප්‍රනාන්දු මහතා 2014 වසරේ සිට ඊයේ දිනය දක්වා මීගමුව අධ්‍යාපන කොට්ටාසයට තමන්ගේ සේවය ලබාදී ඇත.

එතුමාගේ විශ්‍රාම යාම වෙනුවෙන් මීගමුව අධ්‍යාපන කාර්යාලයේ කාර්යමණ්ඩලය හා මීගමුව ගුරු උපදේශකවරුන් විසින් සංවිධානය කල තුති පිදීමේ මෙහෙයක් ඊයේ දිනයේදීම මීගමුව වැල්ලවීදිය ශා.සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්විණි. එම අවස්ථාව සදහා මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා,අධ්‍යක්ෂකවරුන්,කොට්ටාසයේ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,ශිෂ්‍යයන් මෙන්ම ආගමික නායකයන්ද සහබාගී වී සිටියහ.

ගුරු උපදේශකවරුන් නියෝජනය කරමින් මයිකල් ප්‍රනාන්දු මහතාට සමරු තිලිණයක්ද මෙහිදී පිරිනැමීම සිදුවිය.

1

2

4

7

9

3

 

ඡායාරූප – එම්.සාජහාන්