මීගමුව අවදානමේ ? නගරාධිපති එන්නත පිටට දෙයි ?

0
77

මීගමුවේ කොරෝනා තත්වය අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.තෙමසක් තුල මරණ 23 ක් සහ කොරෝනා රෝගින් 800 කට වැඩි ප්‍රමාණයක් හමුවිම විසින් මෙහි බරපතල කම පෙන්වා දෙමින් තිබේ.

පිට පිටම දින 2 කක් තුල සිදුව තිබුන කොරෝනා මරණ මුන්නක්කරය සිරිවර්ධන පෙදෙසෙන් සහ යාබද මංකුලිය ගමනේ වාර්තා වුවද ඒ ජනතාවට එන්නත ලබාදිම විධිමත් ආකාරයකින් සිදුකර නොතිබුන බවද වාර්තා විය

ජනාධිපතිවරයාද පවසා තිබුන පරිදි වසංගත තත්වය පාලනය කිරිමට ඇති ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වන එන්නත්කරණය විධිමත්ව ලබාදිම අද රට පුරාම අර්බුදයට ගොස් ඇති අතර එය මිගමුවේදි එහෙම පිටින්ම මිගමුවේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන හිතවතුන් රැකගැනිමේ සහ පිනවිමේ වැඩසටහනක් බවට පත්ව තිබේ.

ඒ එන්නතකරණය ආරම්භයේ පටන්ම පිටපළාත්වලින් පැමිණි ව්‍යාපාරිකයන් , දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය ,නළු නිළියන් , පොලිසියේ උසස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල අය පමණත් නොව ඇතැම් ව්‍යාපාරිකයන්ගේ සේවකයන්ට පවා මිගමුමේ ජනතාව වෙනුවෙන් වෙන්ව ඇති එන්නත පහුගිය කාලය පුරාම කිසිදු හිරිකිතයකින් තොරව ලබාදිමට කටයුතු කිරිම සැබැවින්ම පිළිකුල් සහගතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාමාන්‍ය ජනයාට එන්නත ලබාදි අවසන් වුන පමු තමන් එන්නත ලබාගන්නවා යැයි කිවද ඔහුගේ පක්ෂයේ ප්‍රබල ආණ්ඩු විවේචකයෙකු ලෙසින් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අයෙකුද මිගමුවට පැමිණ එන්නත ලබාගත් බව ප්‍රසිද්ධ රහසකි.
එපමණක් නොව පුත්තලම් දිස්ත්‍රික්කයේ චණ්ඩියාට ඇද ඇති ඇමත්තෙකුද සිය පවුලේ අයට මිගමුවට පැමිණ එන්නත ලබාගෙන ඇත.
මිගමුව බදුගෙවන ජනයා අද මේ වසංගතය හමුවේ දැවැන්ත අවදානමකට මුහුණ දෙමින් තිබියදි සිය දේශපාලන ප්‍රථිරූපය පුම්බාගැනිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ ජනතාව වසංගතයට බිලි දෙමින් ඇති බව ඉතා පැහැදිලිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here