මීගමුව උපත් සහ මරණ ලියාපදිංචි කරන රෙජිස්ටාර් පගාකාරයෙක්?.

0
105

hospital 1මීගමුව රෝහල් කම්ටුව, රෝහල් සංවර්ධන පදනමේ මූලිකත්වයෙන් අද දින එනම් ජුනි මස 08 වැනි දින මීගමු රෝහලේදී විශේෂ සාකච්ඡාවක් කැදවා තිබිණි . එම සාකච්ඡාවේ මුලික අරමුණවී තිබුණේ රෝහලෙන් මෘත ශරීරයක් අවසාන කටයුතු කිරීමට ඥාතීන්ට භාර ගැනීමේදී මුහුණ දීමට සිදුවන දැඩි අපහසුතාවයන් සහ  ගැටඵ පිලිබදව හදුනා ගැනීමත් ඊට පිලියමක් ලෙස මීගමු රෝහල තුලම උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.
එමෙන්ම එම මෘත දේහයන් ලබා ගැණිමේදී එම මරණ ලියාපදිංචි කීරිම සදහා මීගමුව මීරිගම පාරේ ස්ථාපිත කර ඇති එම උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයේ සේවය කරන  සිසිර මැන්ඩිස් නැමැති  මීගමුව උපත් සහ මරණ ලියාදපදිංචි කරන රෙජිස්ටාර් නිලධාරීයා නීතිවිරෝධිව  ඥාතීන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවත් එසේ නොවන විට හිතා මතා කාලවේලාව මග හරින බවත් සමහර විටෙක එම කාලය දින කිහිපයක් බවත් මෙහිදී අනාවරණය වුණි.
තම ඥාතියාගේ මරණය හමුවේ ශෝකීව සහ මහත් සංවේදීතාවයට පත්ව සිටින ඥාතීන්ට මෙවැනි අපහසු තාවයන්ට හා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවීම ඉතාම කනගාටු දායක තත්වයක් බවද මෙම සාකච්ඡාවට පැමිණ සිටි බහුතරයක ගේ අදහස විය.
ඒ අනුව හැකි ඉක්මනින් එම රෙජිස්ටාර්වරයාගේ සේවය අත්හිටුවා වෙනත් නීලධාරියෙකු ඒ වෙනුවෙන් පත් කරවා ගැනීම හෝ එසේ කීරිමට කාලයක් ගත වේ නම් එම නිලධාරියා සිටියදීම වෙනත් අතිරේක නිළධාරියෙකු ඒ සදහා පත් කර මෙම මරණ ලියාපදිංචිය කඩිනම් කර ගැනීමට කටයුතු කල යුතු බවද මෙම සාකඡාවේදී ප්‍රකාශ විණි.
තවද මෙම රෙජිස්ටාර් නිලධාරිවරයාගෙන් අසාධාරණයට ලක් වු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වු අතර ඔවුන් සැම දෙනාගේම අදහස වුයේ මෙම නිලධාරියා මනුස්සකම ගැන හෝ මායිම් නොකරන ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන නිලධාරියෙකු බවයි.
ඒ අනුව දැනටමත් මීගමුව ප්‍රදේශිය ලේකම් වරයාගේද කැමැත්ත සහ පුර්ණ සහයෝගය ලැබී ඇති පරිදි මීගමු රෝහල තුලම උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම ඉතා ඉක්මනින්ම කල යුතු අත්‍යාවශ්‍ය කාර්්‍යය භාරයක් බවද මෙහිදී පිලිගැණිනි.
මෙම සාකච්ඡාව සදහා ගරු නික්ලස් පියතුමා,රෝස් ප්‍රනාන්දු, අචාර්්‍ය පෝල් පෙරේරා, ශාෆි රහිම් යන පලාත් සභා නියෝජිතයන්ද  , මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා ඇතුඵ පොලිස් නිලධාරීන් පිරිසක්ද එලෙසම රෝහල් සංවර්ධන පදනමේ සභාපති දොස්තර සී. ෙජ්. ඉයැන් මහතා සහ එම සංගමයේත් එලෙසම රෝහල් පදනමේ සමාජීක සමාජිකාවන් රැසක්ද සහභාගී වුහ. ඒවාගේම මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් තවුෆික් , අධිකරණ විශේෂඥ වෛද්‍ය දයාපාල යන මහත්වරුන් සහ රෝහල් කාර්යය මන්ඩලයේ වෛද්‍යවරුන් ඇතුඵ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පිරිසක්ද මේ සදහා සහභාගී වුහ.