මීගමුව එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහසභාවේදි මීපුරට එරෙහිව තප්පුලයි !

0
115

RAVI JEEWA(7.10 am ) රවි ජිවානන්ද යනු මිගමුව එජාප ශාඛාවේ ලේකම්ය.අයවැයට සහය ලබාගැනිම සදහා නගරාධිපති දයාන් ලංසා විසින් සංවිධානය කරන ලද පාසිකුඩා බජට් සවාරියේ එක් නඩේගුරෙකි.
අප විසින් මේ බජට් සවාරිය පැහැදිලි  එක්තරා අල්ලසක් ලෙසින් සදහන් කරමින් මිපුර වෙබ් අඩවිය තුල හෙළිදරව්වක් සිදුකළෙමු.
මේ නිසා ඉන් කිපුණු රවි ජිවාන්ද මන්ත්‍රිවරයා පසුගිය මහසභා රැස්විමේදි මිපුර වෙබ් අඩවියේ නම සදහන් කරමින් අපට බැන වැදි ඇති අතර ඉන් චුන් වු පොහොට්ටු මන්ත්‍රිලා අත්දෙකම උස්සා අත්පුඩි තලා ඇති බවද දැනගන්නට ඇත.
( පොහොට්ටු මන්ත්‍රිලා මිපුරට එරෙහිව අත්දෙකම උස්සා අත්පුඩි ගසද්දි රවිජිවානන්දගේ කලිසම බිමට වැටුන බව දැනගන්නට තරම් දේශපාලන දැනුමක් නැති බවද අප ඉතා හොදින් දනිමු.)
ඇත්ත වශයෙන්ම එජාප මන්ත්‍රිවරුන් මේ ගමනට එක්කරගැනිම සදහා රවි ජිවානන්ද මන්ත්‍රිවරයා ලොකු කාර්යභාරයක් ඉටුකරන ලද අයෙකි.අප විසින් කරන ලද විමසුමකදි ඔහු කියා සිටියේ පාසිකුඩා සවාරියට එජාප මන්ත්‍රිවරුන් 15 දෙනෙකු තමන්ට නම් දි ඇති බවය.
රටතුල පැවැතියේ දැවැන්ත අරගලයකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම එජාප මන්ත්‍රිවරයෙකුම මේ අරගලයට හදවතින්ම සහය පළකරද්දි මිගමුවේ ඇතැම් එජාප මන්ත්‍රිවරුන් පොහොට්ටුවට බජට් එක දිනා දිම සදහා පාසිකුඩා යාම සාධාරණිකරනය කරමින් කටයුතු  කළේය.
(එවැන්නක් කළ හැක්කේ තම දරුවන් දීග දිම සදහා වැද වැටි ලංසාලාගෙන් මුදල් ඉල්ලා ගත් ටොයි මන්ත්‍රිලාටම පමණි.)
මිගමුව තුල  ලංසා පවුල ගෙන යන දැවැන්ත පවුල්වාදය දැන් තම පුද්ගලික වාසි තකා  උඩු දමන එජාප ටොයි මන්ත්‍රිල කිපදෙනෙකු සිටින බව අප ඉතාමත් හොදින් දනිමු.මේ සියළු දෙනාමම ජනතා ඉදිරියේ කොන්දේසි විරහිතව හෙළිදරව් කරන බවද මෙහිලා සදහන් කළ යුතුව තිබේ. මිගමුවේ මහජන මුදල් කාබසිනියා කරද්දි ඒ ගැන මීක් කියන්නේ නැති මුදල් කාරක සභාවේ සිටින ඇතැම් එජාප මන්ත්‍රිලා ගැන මිගමුවේ බදු ගෙවන ජනයාගේ දැනගැනිම සදහා කිව යුතු බොහෝ දේ තිබේ.
මිගමුවේ වෙනත් කිසිදු මාධ්‍යයක් මේ ටොයියන්ගේ ලංසා වන්දනාව ගැන නොලියන නිසා රවි ජිවානන්ද  වැනි කබ්බන්ට මිපුර වහකදුරුය.
එහෙත් අප එකක් කියමු.
එනම් මේ දවල් මිගෙල් රැ දනියෙල්ලා ගැන එදත් අදත් හෙටත් අප ජනතාවගේ පැත්තේ සිට දිගින් දිගටම හෙළිදරව් කරන බවය.
මේ නිසාම දැන් ඇතැම් එජාප මන්ත්‍රිලාට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිරිබත් කන්නට වත් පාරට බහින්නට බැරි තත්වයක් උදාවි ඇත්තේ ජනතාව ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන ඇති නිසාය.
ගිහාන් බෙන්ජමින් යන මන්ත්‍රිවරයාද පසුගිය කාලය තුල තැන තැන මිපුරට බැන අඩගසමින් මිපුර හොද පාඩමක් කියා දෙනාව යැයි නන් දොඩවන තවත් අයෙකි.හැබැයි ඔහුට අපේ මුණට මේ චණ්ඩි කථා කිසිවක් කියාගන්නට බැරි නිවටයෙකු බවද දනිමු .
එහෙත් අප විසින් කරන ලද හෙළිදරව් කිරිම් නිසාම පසුගිය දා කුරණදි ජය සමරා සතුටින් කිරිබත් කෑල්ලක් කැමට වත් ජනතාවගෙන් ඉඩක් නොලැබුණි. මේ පටන් ගත්තා විතරය.
ලංසාලගේ තර්ජන වලට බය නොවුන අපිට රවි ජිවානන්දලා පගර නැට්ටන් පමණක් බව කියන්නට ලොකු ලිපි ලියන්නට අවැසි නැත.ජනතාව ඒ බව ඉතා හොදින් දනි.
ජනතාවට එරෙහිව ඩීල් දමන මිගමුවේ එජාප මන්ත්‍රිලාට 2019 සුභ නැතිවන බව පමණක් අප අවසන් වශයෙන් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.