මීගමුව එජාප සංවිධායකධුරය යළිත් රොයිස් විජිතට …

0
64

royce 1මීගමුව එජාප සංවිධායකධුරය යළිත්වරක් රොයිස් විජිත වෙත හිමිව තිබේ. එයට අදාල ලියවිලි අද පෙරවරුවෙ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් රොයිස් විජිත වෙත ලබාදි තිබුණි.
කෙටි කාලයක් සදහා දොස්තර කාවින්ද අතට මිගමුව එජාප සංවිධායකධුරය ලැබිමත් සමගින් මිගමු  ආසනයේ එජාප ක්‍රියකාරිත්වය අඩපනව තිබුණි. ලංසා පවුල් වාදය හමුවේ මිගමුවේ සිදුවෙමින් තිබුන අනේකවිධ වංචා දුෂණ වලට එරෙහිව දොස්තර කාවින්ද ජයවර්ධන කිසිවක් නොකල අතර ඒ වෙනුවට ඔහු කලේ මිගමුව නගරාධිපති දයාන් ලංසා සමගින් ඉතා කිට්ටු පුද්ගලික මිත්‍රයත් නඩත්තු කරගෙන යමින් ලංසා පවුලේ සමිප රාත්‍රි මිතුරෙකු සේ හැසිරිමය. එමෙන්ම එහි වාසියද ගත් ඇතැම් එජාප නාගරික මන්ත්‍රිවරුන්ද ලංසා පවුලට එරෙහිව මහනගර සභාවේ කප්පරක් දුෂණ හමුවේ මීක් නොකියන ගානට පත්ව තිබුණි.
එළඹෙන මහමැතිවරණය තුල රොයිස් විජිත වෙත පැවැරෙන බරපතල වගකිම වන්නේ වසර ගණනාවක් පුරාවටම ලංසා පවුලේ බඩු බෙදිමේ දේශපාලනයට දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් මිගමුව දිනවිමට මිට පෙරද කරන්නට යෙදුන දැවැන්ත දේශපාලන මෙහෙයුම යළිත් වරක් පෙරට ගෙනඒමය,
මිගමුව එජාප සංවිධායකධුරයට අමතරව මෙවර මැතිවරණයේදි මිගමුව මෙන්ම කටානද ආසනයේ අධික්ෂණ වගකිමද පැවරි තිබේ.