මීගමුව එජාප සංවිධායක මිපුරට එරෙහිව තප්පුලන්නේ ලංසා පවුල නිසාද ?

0
103

මීගමුවේ ඊයේ දිනයේ පැවැති මහසභා රැස්විමේදි මිපුර වෙබ් අඩවියට එරෙහිව එජාප සංවිධායක බෙන්ජමින් යෝජනාවක් ඉදිරිපත් කරමින් මහනගර සභාවේ වගකිම යටතේ නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුයැයි යෝජනා කර තිබුණි.

වංචා දුෂණ නිරත්තරයෙන්ම හෙළිකරන මිපුරට එරෙහිව මහජන බදුමුදලින් නඩු කියන්න යැයි ඉල්ලන බෙන්ජමින්ලා ..

එමෙන්ම ඔහුගේ කථාවේදි බෙන්ජමින් හට හට වැඩියෙන් රිදි තිබුණ කරුණ වි තිබුනේ ඔහු ගැන අප කළ විවේචන වලටත් වඩාත ලංසා පවුල ගැනත් ලංසා පවුලට සම්බන්ධ නිලධාරින්ද ඇතුළු තවත් අය ගැන අප කරමින් සිටින විවේචන ගැනය.
විභාග වංචාවක් කර ඇති සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමා වන ජයන්ත ගැන අප විසින් කරන්නට යෙදුන හෙලිදරව් කිරිම වලට බෙන්ජමින්ගේ හිත රිදි ඇති බව ඔහුගේ කතාවේදි පැහැදිලි විය.

පාක්ෂිකව කටයුතු කරමින් ලංසා පවුලට ආවඩන මිගමුව මහනගර සභාවේ තුන්වෙනි පංතියේ කොමාසාරිස්වරිය ගැන අප කරන විවේචන ගැන බෙන්ජමින්ට කණසල්ලක් ඇත.

බෙන්ජමින්ගේ කිණිතුල්ලා .

එමෙන්ම මිගමුව එජාප සංවිධායකයා ඊයේ පැවැති මහසභාවේදි කිණිතුල්ලෙකු ගැනද කියා තිබේ.
ඒ මිපුර වෙබ් අඩවිය ගැන කියමිනි.හරකා ගැන කියන්නට යන හැමවිටමක එය අවසන් වන්නේ කිණිතුල්ලාගෙන් යැයි ඔහු කියා තිබුණි.

මිපුර වෙබ් අඩවිය විසින් පසුගිය කාලය තුල මිගමුවේ සිදුවන සකලාකාර වංචා දුෂණ කොන්දේසි විරහිතව හෙළිකළ එකම මාධ්‍ය බව ඉතා පැහැදිලිය. එමෙන්ම මිගමුවේ ඇති සියළු වංචා දුෂණ හා ලංසා පවුලේ ඇති සම්බන්ධයද තවත් පැහැදිලිය. මේ පසුබිම තුල අප විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම්වලදි කිසිවිටකත් ඒවාට සම්බන්ධ දේශපාලකයන් බේරිමට අප අවැසි නැත.
එබැවින් බෙන්ජමින් කියන කිණිතුල්ලා ලංසා පවුල විමට නියතකි.ඔහු කියා හරකා ගැන තේරුම් ගැනිම අප මිගමුවේ ජනතාවට බාර දෙමු

බෙන්ජමින්ගේ හාම්පුතාලා …..

ඒ අනුව පෙනි යන්නේ මෙම යෝජනවා සැබැවින්ම ගෙන ආවේ ඔහුට රිදුන නිසාටත් වඩා ඔහුගේ ඇත්ත හාම්පුතාලට සහ ඒ හාම්පුතාලාගේ සහචරයන් ගැන අප විසින් නිරන්තරයෙන්ම කරමින් සිටින හෙළිදරව් කිරිම් නිසා බවය.
බෙන්ජමින්ගේ ඊයේ කථාවේ හරය වි තිබුනේ එයයි.

බෙන්ජිමින්ලා හිටපු නගරාධිපතිටත් බැන්නේ ඇයි ?

එජාප සංවිධායක බෙන්ජමින් සහ ඔහු හා එක්ව අයවැයට සහ පළකළ අනික් පිරිස විසින් ඊයේ දිනයේ අයවැයට එරෙහිව අදහස් දැක්වු එජාප මන්ත්‍රිවරුන්ට මෙන්ම පොහොට්ටුවේ ඇතමුන්ටද වාග් ප්‍රහාර එල්ල කර ඇත.
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරට බෙන්ජමින් ඇතුලු කුට්ටාලියන් පිරිස විවචෙන එල්ල කර තිබුණි.ඒයට හේතුව වන්නේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර පසුගිය අයවැය විවාදයේදි අයවැයට මගහැරපු අයට වඩා අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කරන පිරිස ශ්‍රේෂ්ඨ යැයි කියා තිබිම නිසාය.
ඉන් කියැවෙන්නේද බෙන්මින්ලා ඊයේ මිපුරටත් ලංසා පවුලට එරෙහිව අදහස් දැක්වු සැමටත් වාග් ප්‍රහාර එල්ල කළ හේතුව තවදුරටත් පැහැදිලිවේ .

ගලඋඩ කැතකළ බළල්ලු ..

තමන් කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් නොගත් සුපිරිසිදු දේශපාලකයෙක් යැයි කියන්නට උත්සාහ කළ බෙන්ජමින්ට කපිල නන්ද සුලෝචන කළ තියුණු විවේචන හමුවේ පරලවි ගිය අයුරු මුලු මහසභාවට නිරික්ෂණය විය.
විදුරු ගෙවල් වල සිට ගල් ගසන්නට ගිය බෙන්ජමින්ලා කපිලගෙන් හොද හැටි අහගත්තේය.
මේ ඇතැම් මන්ත්‍රිලා අදාල කොමිස් කථා ගැන කපිල විසින් කළ ප්‍රකාශයන් ගැන හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිරද අනුමත කළ අයුරු කළ අයුරු වැදගත් සාධකයන්ය
බෙන්ජමින්ලාගේ පිලේ තවත් එක් අයෙකු කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයා දිගට හරහට නෙලාගෙන යද්දි බියෙන් ගැහෙමින් සිට ඇත්තේ ඔහුගේ වංචා දුෂණ ගැන කොයි මොහොතේ කපිලගේ කටින් පිටවේදෝයි සිතමින් විය යුතුය.
ගල උඩ කැත කළ බළලුන් කව්දැයි ඊයේ හොද හැටි පෙනි ගියේය

පැත්ත ගියත් ඇත්ත කියපු මිපුර ..

පැත්ත ගියත් කවදත් ඇත්ත හෙළකරපු මිපුර වෙබ් අඩවිය ගැන බෙන්ජමින්ලාට දිරෙව්වේ නැත.
වාසි පැත්තට කවදත් හොයියා කියන්නම බලන් ඉන්නා බෙන්ජමින් 2016 වසරේදිද ශ්‍රිලනිපය හා එක්ව පොලිස් අධිකාරි කාර්යාලයට ගොස් මිපුරට එරෙහිව පැමිණිලි කරන්නට කටයුතු කර තිබුණ අතර ඒ පැමිණිලි ලිපිය පවා පරිඝණක ගත කොට තිබුනේ මිගමු මහනගර සභාවේ නිලධාරියෙකුට කියා බව අපට වාර්තා විය.
මේ අනුව බෙන්ජමින්ලාගේ උපන්ගෙයි කුහක් කම් ගැන වෙනනම වෙබ් අඩවියක් කරන්නට තරම් කරුණු ඇති බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ

ලසන්ත ඝාතනය කොට වසර 12 කි . රොයිස් විජිත කියන්නේ කුමක්ද ?


ලසන්ත ඝාතනයට කොට අදට වසර 12 කි. ඒ ඝාතනය සංස්කෘතියට එරෙහිව එදා එජාප නායක රනිල් වික්‍රමසිංහ සිවිල් සංවිධාන වෘත්තිය සමිති විපක්ෂයේ දේශපාලන පක්ෂ හා මාධ්‍ය සංවිධානද හවුල් කරමින් පළල් පෙරමුණක් ගොඩ නගා තිබුණි.
අද අප මුහුණ දෙමින් ඇත්තේද 2009 රටේ පැවැති තත්වයකට යන ගමනක පටන් ගැනිමකය.

තතු එසේව තිබියදි මිගමුවේ එජාප සංවිධායක රාජපක්ෂ රෙජිමයේ මිගමු නියෝජිතයන් හා කරේ අත දාගෙන මාධ්‍යට එරෙහිව මේ නටන්නට යන නාඩගම ගැන මිගමුව විපක්ෂ නායක රොයිස් විජිත කියන්නේ කුමක්දැයි අප බලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here