මීගමුව ,කටුනායක ,සීදුව,කටාන ඇතුළු අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත්කෙරේ..!

0
345

3dis-825x412රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වන අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඒ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනකට අදාළවයි.

එම දිස්ත්‍රික්ක වලට අදාළ ප්‍රදේශ පහතින්….

කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල,කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
රාගම,මිනුවන්ගොඩ ,වත්තල,දිවුලපිටිය,ජා ඇල,ඒකල,කටාන ,සීදුව,ගම්පහ,අත්තනගල්ල,වේයන්ගොඩ,කැළණිය,මහර,දොම්පේ,පූගොඩ,මීරිගම,බියගම,මීගමුව,කටුනායක

කලුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
මතුගම සහ වාද්දූව

මීගමුවේ තත්වය
මේ අතර මීගමුවේ තත්වය ගැන වඩාත් අවධානයක් යොමුව ඇත්තේ ධිවර ව්‍යාපාරික ප්‍රජාවේ විශාල පිරිසක් පසුගිය කාලය තුල පෑලියගොඩ මත්‍යස්‍ය වෙළඳ සංකීර්ණය සමඟින් සබඳතා පවත්වා ඇති බැවිනි.
මේ නිසා දැනටමත් ආසාදිත රෝගින් 6 දෙනෙකු වාර්ථා වන  පසුගිය සිකුරාදා මීගමුව පිටිපන මහලෙල්ලමේදි ධිවර ව්‍යාපාරිකයන් ලෙල්ලමේ සේවකයන් 320 දෙනෙකු PCR පරික්ෂණ වලට භාජනය කර තිබුණි.
එහි ප්‍රතිඵල මිගමුවට තිරාණාත්මක වනු ඇත