මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනයට බොරළු පිරවිම මගඩියක්ද ?එජාපයත් නිහඩද?

0
293
bos kat
කොන්ත්‍රාත්කරුවෙකු වෙනුවෙන් බොරළු තුනි කරන මීගමුව මහනගර සභාවේ බොස්කැට් යන්ත්‍රය

kk playground

මේ දිනවල මීගමුවේ දේශපාලන ක්ෂේත්‍රය තුල කථාබහට ලක්ව ඇති ප්‍රධාන කරුණක් වි තිබෙන්නේ  කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පිළිසකර කිරිම් වලට යැයි කියමින් සිදුකරගෙන යන බොරළු ඇතිරිමයි.
මේ ප්‍රශ්ණය පෙබරවාරි 29 නදා  පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදි අවධානයට යොමුකර තිබුනේ එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතාය.
දැනට දේශපාලන කවයන් තුල කියැවෙන්නේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයට යැයි කියා මීට කලින් මුදල් ලබාගෙන ඇති ව්‍යපෘතියක් සම්බන්ධයෙන් පළාත් සභාවේ ප්‍රශ්ණයක් මතුව ඇති බැවින් ඒ වසා ගන්නට දැන්මේ  කඩිමුඩියේ බොරළු අතුරන්නට පටන් ගෙන ඇතිබවය.
නිමල් ලංසා මහතා පළාත් සභා ඇමතිවරයෙකු ලෙසින් සිය ධුරයට සමුදුන්නේ පසුගිය වසරේ අගොස්තුවටත් කලිනි.
ඒ එහෙත් මේ බොරළු සෙල්ලම පටන් ගෙන ඇත්තේ දැනට මාස දෙකකට පමණ පෙරය.
එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා බොරළු වැඩේට යෙදාවා ඇත්තේ තමන්ගේ පළාත් සභා ප්‍රතිපාදන යැයිද පිළිගෙන ඇත.ඒ අනුව පෙනි යන්නේ මෙතන පැහැදිලි  මගඩියක් ඇති බවය.
මේ ගැන විමසන අවස්ථාවන්හිදි මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඇතැම් අය සිටින්නේ කසාය බි ගත් ගොළුවන් ලෙසිනි.එකිනෙකා පරස්පර පිළිතුරු දෙති.
දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය එකට එක්ව මහජන මුදල් ගසා කෑම පිලිබදව යහපාලනය යටතේද වෙනසක් නැතැයි කියන්නට මේ බොරළු සෙල්ලම කදිම උදාහරණයක් වනු ඇත.
වාර්ථා වන අන්දමට මෙම බොරළු ව්‍යාපෘතියට මුදල්ප්‍රතිපාදන ලැබි ඇත්තේ බස්නාහිර පළාත් සභාවෙනි.ව්‍යපෘතියට මුදල් නිදහස් කිරිම මීගමුව ප්‍රාදේශිය කාර්යාලය විසින් කෙරේ.
මේ ව්‍යාපෘතිය පිළිබදව වැඩිපුර විස්තර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අදාල නිළධාරිණියන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් විසින් දුන් පිළිතුරු වලින්ද පෙනි යන්නේ මෙහි කිසියම් ගැටලු සහගත තත්වයක් තිබෙන බවය.
මේ එක් නිළධාරිණියකගෙන් අප විමසා සිටියේ  මෙහි ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 22  යැයි කියන්නේ ඇත්තද කියාය.
ඇය දුන් පිළිතුර වුයේ අනේ නෑ ලක්ෂ 15 ක් පොඩි ගානක් බවය.ලක්ෂ 15 ක් යනු ලොකු මුදලක් බවත් ඒ මහජන මුදල් බවත් ඇයට යළිත් මතක් කර දෙන්නට අපට සිදුවිය.
එම නිළධාරිණියට අනුව මේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ මීගමුව මහනගර සභාවේ තාක්ෂණ නිළධාරින් විසිනි.එහෙත් අප ගේ ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ මෙම ඇස්තමේන්තු මුදල ගැන මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර පවා කිසිවක් නොදන්නා බවය.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරිණියන්ගේ තොරතුරු වලට අනුව මෙහි කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ වැල්ලවීදියේ සාන්ත සෙබස්තියන් නම් වු ග්‍රාම සංවර්ධන සමිතියකටය.
අප තවදුරටත් ඇයගෙන් විමසා සිටියේ මේ ඇස්තමේන්තු ගතමුදලට අනුව බොරළු පුරවන්නේ ද යන්න ගැන අධික්ෂණය කරනු ලබන්නේ කව්රුන් විසින්ද යනුවෙනි.
ඇයගේ පිළිතුරු වුයේ නගර සභාවේ තාක්ෂණ නිලධාරින් බවය.එහෙත් නිශ්චිත නමක් කියන්නට ඇය අපොහොසත්විය.
ලක්ෂ 15 ක් ව්‍යාපෘතියක අධික්ෂණය සිදුකරන නිලධාරියා කව්රුන් දැයි ප්‍රදේශිය ලේකම් කාර්යාලය නොදන්නා වා යැයි කියන්නේම එහි කිසියම් ගුප්ත බවක් නොවේද ?
පසුව අප විසින් සිදුකරන්නට යෙදුන ප්‍රශ්ණ කිරිම් හමුවේ ඇය කියා සිටියේ මීගමුව මහනගර සභාවේ බණ්ඩාර නම් වු තාක්ෂණ නිලධාරියා විසින් මෙම ව්‍යපෘතියේ අධික්ෂණ කටයුතු සිදුකරනු ලබන බවය.
එහෙත් අපට වාර්ථා වන තොරතුරු වලට අනුව බණ්ඩාර නම් වු තාක්ෂණ නිලධාරියා සිටින්නේ බරපතල රොගාතුර තත්වයකින් රෝහල් ගතවය. දැනට මාසයකට වඩා වැඩි කාලයක් ඔහු සේවයටද වාර්ථා කර නැත.
පසුව අප මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ප්‍රදිප් නැමැති ක්‍රිඩා නිළධාරියාට කථා කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ මෙම ව්‍යපෘතිය තමන් විසින් අධික්ෂණය කරන බවය.
එහෙත් බොරළු ටිපර් කියක් මේ වන විට මෙම ස්ථානයට බා ඇතිදැයි අප කළ විමසුමටද ඔහු නිරුත්තරය.
මේ සියල්ල තුල එක් දෙයක් පැහැදිලිය.කඩොල් කැලේ ක්‍රිඩාංගනය පිරිවිමේ මෙම බොරළු ව්‍යපෘතිය යනු කෝටි ගණන් මහජන මුදල් ගසා කෑ කල්ලියක තවත් පිල්ලියක් බවය.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අදාල නිළධාරිණියන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම මහනගර සභාව විසින් සිදුකරනවා යැයි කිවද 2016 පෙබරවාරි 29 වනදා පැවැති මීගමුව ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්විමේදි මෙම බොරළු ව්‍යපෘතිය ගැන මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් ප්‍රශ්ණ කළ අවස්ථාවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් වරයා කියා සිටියේ
කඩොල් කැලේ ක්‍රිඩාංගනය තවදුරටත් නගර සභාවට අයිති නැතැයි කියා ලිපියක් තමන් වෙත ලැබි ඇති බවය.
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා එවකට නගරධිපතිවරයාව සිටි සමයේ නගර සභාව මුදල් රු කෝටි ගාණක් වැය කරමින් කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ විවිධ ඉදිකිරිම් සිදුකර තිබුණි.ඒ ක්‍රිඩංගණය නගර සභාවට අයත්ව තිබුණ නිසාය.
එහෙත් මෙම අවස්ථාවේදි නිමල් ලංසා මහතා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටියේය.ඒ ඇයි ?
කෙසේ වෙතත් දැනට වාර්තා වන තොරතුරු වලට අනුව කඩොල් කැලේ ක්‍රිඩංගනය නගර සභාවට අයත් නැතැයි කියමින් මීගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා ලිපියක් ලබා දි ඇත.මේ අතර 2016 මාර්තු 01 වෙනිදා වාර්ථා වුයේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ බොරළු තුනි කිරිම සදහා මීගමුව මහනගර සභාවට අයත් බොස්කැට් නම් වු රථයක් ද භාවිතා කර ඇති බවය.
කොන්ත්‍රාත්තුව කරන්නේ වෙනත් අයෙකු නම් බොරළු තුනි කිරිම කළ යුතු ඇත්තේ ඒ අය විසිනි.
එසේ නොමැතිව මහනගර සභාවේ යන්ත්‍ර මේ කටයුතු සදහා යොදාගන්නවා යැයි කියන්නේ මේ බොරළු මගඩියේ තවත් එක්තරා කථාවකි.
මතු සම්බන්ධයි ……

ඡායා- සංජය ගමගේ