මීගමුව කලපුව ඉතාම සීඝ‍්‍රයෙන් ගොඩ කිරීමකට ලක් වෙනවා, – ගරු ප‍්‍රදීප් චමින්ද පියතුමා …

0
101
ගරු ප්‍රසාද් චමින්ද පියතුමා

‘‘ අද වන විට අඵත්කූරුව, බසියාවත්ත, තලාහේන ප‍්‍රදේශ වල කලපුව ඉතාම සීඝ‍්‍රයෙන් ගොඩ කිරිමකට ලක්වෙනවා. එමෙන්ම කලපුව ආශී‍්‍රතව තිබෙන මසුන් බිහිවීමටත් මසුන් වර්ධනය වීමටත් ප‍්‍රධාන ලෙස හේතු වන කඩොලාන සහිත සංවේදී පරිසරය විනාශ කෙරෙමින් පවතිනවා. මේ බව ප‍්‍රදීප් චමින්ද පියතුමා අනාවරණය කළේ පසුගිය ඔක්තෝබර් මස 04 වැනි දින පෙරවරුවේ තම්මිට කාදිනල් කුරේ දහම් සේවා මධ්‍යස්ථානයේ ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මුලසුන දරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡුාවකදීය. මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී මීගමු කතෝලික ජනතාව හමුවේ ඇති ප‍්‍රශ්ණ , ගැටඵ සහ ඒවාට අදාළව අදහස් ප‍්‍රකාශ කීරිමේ අවස්ථාවේදී චමින්ද පියතුමා මේ අදහස් පල කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පියතුමා මෙසේද පැවසීය. ….
” එක් ඉරිදා දවසක උදේ මම දේවස්ථානයේ පුජාව තියනකොට ගමේ ධීවරයින් හතර පස් දෙනෙක් ඇවිල්ලා මට කිව්වා පියතුමා මහා විනාශයක් වෙනවා චුට්ටක් අපිත් එක්ක ඇවිත් ඒ විනාශය ඇස් දෙකෙන්ම බලලා යන්න කියලා. මම ඒ අයත් එක්ක එතැනට ගියා. එතකොට තමයි ඒ මහා විනාශය මම දැක්කේ. විශාල කඩොලාන ගස් රාශියක් තියෙන ඒ භූමිය මහා විනාශයකට ලක් කරලා. මම ඒ වෙලාවේ ඒක ෆොටෝ ගත්තා. ( ඡුයාරූප කිහිපයක් සභාවට පෙන්වමින් ) මේ තියෙන්නේ මම ගත්තු ඒ ෆොටෝ. මේ ෆොටෝ එකේ තියෙන මේ විදිහේ හොදට වැඩුන කඩොල් ගස් සෑහෙන ප‍්‍රමානයක් එතැන කපා දාලා තිබුණා. මම එතැන හිටපු කිහිප දෙනෙක් ගෙන්ම අහලා බැලූවාම, ඒ අය කිව්වේ මේ විදිහේ වැඩුණ කඩොල් ගහක් වැවෙන්න අවුරුදු සීයක් විතර ගත වෙනවා කියලයි. ඉතින් මේක විශාල විනාශයක්. මේ ලගදී අපේ ප‍්‍රදේශයේ ඔරු තොටුපලක් ආසන්නව ගොඩ කරලා කරවල වේලන්න තැනක් හැදුවා. ඒ ගැන කලපු අධිකාරිය හරහා ප‍්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිල කලහම එතුමා කියනවා. මට ඔතෙන්ට කලිසමක් ඇදගෙන එන්න බැහැ. මටත් ඉහලින් ඉන්න කෙනෙකුගේ අනුදැනුමින් තමයි ඕක වෙන්නේ , ඒක නිසා මට ඔතැනට එන්න බැහැ කියනවා. කලපුවේ කෙරෙන මේ නීති විරෝධී ගොඩකිරීම්, කඩොලාන පරිසරය විනාශ කිරීම ඇතුළු මේ අනීතික කි‍්‍රයාවන් පිලිබදව වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවා ගැනීමට මේ ප‍්‍රදේශයේ ධීවර ජනතාව පෙත්සමක් අත්සන් කරලා ප‍්‍රාදේශීය ලේකම්වරයාට දුන්නාහම එතුමා ඒක භාර ගන්න බැහැ කියනවා. ඉතින් මේවා කාටද මේ ජනතාව කියන්නේ. ඒ විතරක්ම නෙමෙයි කලපුව ආශී‍්‍රතව තියෙන සමහර කර්මාන්ත ශාලාවලින් කලපුවට විවිධාකාරයේ දියර වර්ග මුදා හරිනවා. මේවා ගැන පොලිසියට ගිහින් පැමිණිලි කරන්න ගියහම පොලිසිය මේ පැමිණිළි ලියා ගන්නේවත් නැහැ.
මේ කලපුව විනාශ කරන්නේ බලවත් අය විතරක්ම නෙමෙයි. මේවාගේ විනාශකාරී කි‍්‍රයාවන් ගැන ජනතාව ගිහින් ප‍්‍රදේශයේ දේශපාලකයෙකුට කිව්වාහම ඔහු කිව්වාලූ ඒක ගිහින් පල්ලියේ ෆාදර් ට කියන්න කියලා. මේ කලපුව ධීවර ජනතාවට විතරක්ම අයිති නැහැ. මේක අපි අපේ ඊළග පරම්පරාවට දායාද කල යුතුයි. එහෙත් මේ විදිහට එක එක්කෙනාට අවශ්‍ය ආකාරයට කලපුව ගොඩ කරන්න ගියොත් කලපුවක් ආයේ ඉතුරු වෙයිද කියලත් හිතෙනවා. මම දන්න විදිහට කලපුවට නිසි විධිමත් සැලසුමක් සකස් කරලා නැහැ. 2005 වසරේ නාරා ආයතනය කලපුවේ සිමාවන් ලකුණු කලා කියලා වාර්තා වෙනවා. ඒහෙත් තවම කලපුවට නිසි සැලසුමක් නැති එක විශාල ගැටඵවක්. එක්කෝ අපි කලපුව සම්පුර්ණ ගොඩ කරලා ඒකේ ගෙවල් හදමු. නැත්නම් කලපුවේ යම් සිමා දමලා මෙවැනි ගොඩ කිරීම් නතර කරන්නට කටයුතු කරමු. මේ කාර්්යය සදහා මීගමුව කලපුව වටා තිබෙන මීසම් 35 ක ජනතාව එකට එකතුව කටයුතු කල යුතුයි ” .