මීගමුව කලපුව ගුරුගේට..??

0
126

posterගුරුගේ නම් වු ව්‍යාපාරිකයා මීගමුව කලපුව සිය ව්‍යාපාරික සංචාරක සිහිනය සැබැ කරගැනිමට උපරිම අයුරින් යොදා ගැනිමට සියළු උත්සාහ දරමින් සිටින බව අප  අවස්ථා ගණනාවකදි හෙළිදරව් කළෙමු.
ඒ වෙනුවෙන් ඔහු මීගමුවේ දේශපාලකයන්ට දොල පිදේනි දිමෙන් නොනැවති වරෙක ජා ඇල පිහිටි සිය ගරුගේ පාක් එකට මහාධිකරණ විනිසුරුවන් විශාල ගණනක් කැදවා දැවැන්ත සාදයක්ද සංවිධානය කර තිබුණි.
ඒ සදහා එවකට සිටි අගවිනිසුරුවරයාද සහභාගිව  තිබුණි..
මේ සියල්ලේ හයිය ගණිමින් ගුරුගේ සිය සංචාරක ව්‍යාපාරය මීගමුව කලපුව තුල දියත් කිරිම ආරම්භ කළේය.
හැමිල්ටන් ඇලේ බෝට්ටු ධාවනය කිරිම සදහා මාස 6 ක කාලයක නගර සභාවෙන් ඔහුට වරප්‍රසාදයක් ලැබුණි.
එහෙත් එදා පටන්ම ඔහු එය ක්‍රියාත්මක කරන්නේ මීගමුව කලපුව තුලය.
විශාල ධනස්කන්දයක් වැය කරමින් විදේශාධාර මත තැනුන මුහුන්දිරම් පිටිය අසල ජැටියේ පිහිටි කාර්යාලය දැන් භුක්ති විදින්නේ ගුරුගේ විසිනි.
මෙය ඔහුට ලබාදුන්නේ කව්ද ?මිගමුව නගරාධිපති ඇන්ටනි ජයවීරද?එසේ දිමට ඔහු ට ඇති බලය  හා අයිතිය කුමක්ද?
කෙසේ වෙතත් මීගමුව මහනගර සභාවෙ මන්ත්‍රින්ගේ වර්ෂ පුර්ණ සංගිත සැදෑව සංවිධානය කර තිබුනේ ද ගුරුගේ ගේ සාදර අනුග්‍රහයෙනි.
මේ අයුරින් දැන් ගුරුගේ ඔහු වටා සිටින සියළු දේශපාලන මිතුරන් හා අධිකරණ මිතුරන්ගේද සහය මත දැන් නොනවති ඉදිරි ගමන් අරභා ඇත.
මෙහි අළුත්ම ව්‍යපෘතිය වන්නේ කිංග්සි දුපත නම් වු ඔහුට අයත් යැයි ඔහු කියන කලපු දූපතක ඉදිකරන්නට පටන්ගෙන ඇති පිහිණුම් තටාකයයි.
මෙයට එරෙහිව කිසිවෙකුත් නොකඩවා අරගලයකට නොපිවිසෙන බව දන්නා ගුරුගේ දැන් කලපුව තමන්ගේ අනසකට යටත් කරගනිමින් සිටි.
එය තාප්පවල පොස්ටර් අලවා පමණක් බේරාගැනිමට දැන් පරක්කුය.