මීගමුව කලපුව ගොඩකළ කරවල ව්‍යාපාරිකයන්ට වැඩවරදි !

0
225

    කොරෝනා වසංගතය දඩමීමා  කර ගනිමින් කරවල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මීගමු  කලපුව  ගොඩ කර ඇත.  

මෙම ආරංචිය අනුව ක්‍රියාත්මකවූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමරසේකර මහතා ඇතුළු නිලධාරීන් අනවසරයෙන් කලපුව ගොඩකළ තිදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
මෙහිදී කලපුව ගොඩ කළ තිදෙනාට අධිකරණය විසින් දෙදෙනෙකුට රු. 10,000/ බැගින් සහ තවත් අයෙකුට රු. 15000/ බැගින් දඩ නියම කෙරින. එසේම ගොඩකළ භූමිය නැවත හාරා ඉවත් කර යථාතත්වයට පත්කරන ලෙසටද තීරණය විය .

මේ අනුව පසුගිය 5 වනදා වෙරළ සංරක්ෂණයේ නිලධාරීන් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ගොඩකළ කොටස හාරා ඉවත් කරන ලදී. තවත් කොටසක් එදින ඉවත් කිරීමට තිබුණු නමුත් එක් කරවල ව්‍යාපාරික මහතෙකුගේ ඉල්ලීම පරිදි එය පසුවට කල් තබන ලදී . එම කොටසද පසුගිය දින ඉවත් කරමින් , මේ වනවිට සියළු අපද්‍රව්‍ය ඉවත් කර කලපුවේ එම කොටස යථා තත්ත්වයට පත්කිරීමට වෙරළ සංරක්ෂණය සමත්විය.
මෙම මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම් මහත්මිය ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි විය.

වෙරළ සංරක්ෂණය විසින් අනවසර කලපු ගොඩ කිරීම සම්බන්ධව කළ මෙම මැදිහත්වීම අගය කළ යුතුය . කොතරම් බාධා තිබුණද තම රාජකාරිය නිසිලෙස ඉටුකරන එම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය !