මීගමුව කලාකරුවෙකු ,නිර්මාණය කළ ” ගුරු ගීතය ” ඔපෙරාව වේදිකා ගතවීමට සූදානම්

0
489

මීගමුව කලාකරුවෙකු ,නිර්මාණය
කළ ” ගුරු ගීතය ” ඔපෙරාව වේදිකා ගත වීමට සූදානම්….

මධ්‍යම ආසියානු රටක් වන ,කිරිගිසියාවේ පිටිසර ගමක උපත ලද කිරිගීසියානු ජාතික වීන්ගීස් අයිත්මාතව් විසින් රචිත ” පියර් වී උචීතියෙල් ” හෙවත් “”ගුරු ගීතය””  (( THE FIRST TEACHER )) කෘතිය පාදක කරගනිමින් මීගමුවේ කලාකරුවෙකු විසින් රුසියානු සහ සිංහල යන ද්විභාෂාවෙන් ඔපෙරාවක් නිර්මාණය කර තිබේ.

img 20241001 wa01284956789054815838745
මෙරට ප්‍රථම වරට රුසියානු භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන්  නිර්මාණය වී ඇති පළමු ඔපෙරාව වන ” ගුරු ගීතය ”
( The First Techer Opera )  නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ වෙසෙන ප්‍රකට කලා ගුරුවරයකු ලෙස සහ නිර්මාණාත්මක අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් වන සුමුදු පතිරාජ මහතායි.img 20241001 wa01267054841042491609125img 20241001 wa01291262827965816708818img 20241001 wa01304225121473607336001
ගුරු ගීතය ඔපෙරාවේ මංගල දර්ශනය එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා සවස 7.00ට කොළඹ එල්පිස්ටන් රඟහලේදී වේදිකා ගතචීමට නියමිතව ඇත.  මෙම මංගල දර්ශනය සඳහා රුසියානු තානාපති ලෙවාන් ජගර්යන් මහතා  ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ බිරිඳ වන ලතා කේමදාස මහත්මිය සහ කේමදාසයන්ගේ දියණිය වන සංගීතවේදී  ගයත්‍රී කේමදාස මහත්මිය ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වීමටද නියමිතය.
මෙම ඔපෙරාව සඳහා සම්බන්ධ වන  ප්‍රධාන ශිල්පීන් ඇතුළු වැඩි පිරිසක් සහභාගී වන්නේ මීගමුව ප්‍රදේශයෙන්  වීම, මෙම ඔපරාවේ ඇති විශේෂත්වයකි. මෙහි  සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ මීගමුව දළුවකොටුව  ප්‍රදේශයේ  පදංචි පෘථිවි ප්‍රභාෂ්වර විජේසිරි නැමැති 20 හැවිරිදි  තරුණයෙකි. ඔහු තවමත් කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ඉංජිනේරු  උපාධිය හදාරන පළමු වසරේ සිසුවෙකි.  එලෙසම මෙම ඔපරාවේ ඇඳුම් පැලඳුම් නිර්මාණය ශිල්පිනිය වන්නේ මීගමුව කුරණ ප්‍රදේශයේ වෘත්තියෙන් ගුරුවරියක වූ රේණු කන්දගේ මහත්මියයි . එමෙන්ම ගුරු ගීතය ඔපෙරාව සඳහා වේදිකා සැලසුම ,වේදිකා පරිපාලනය සහ පසුතල නිර්මාණය මීගමුව කුරුණ ප්‍රදේශයේ ඩික්මේන්ද්‍ර බන්ඩාර විසින් සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදකවරයා වන්නේ ද ඔහුයි.
තවද මෙම ඔපෙරාවේ අධ්‍යක්ෂක සුමුදු පතිරාජ මහතා විසින් දැනට ඒ මහතාගේ නිවසේ පවත්වාගෙන යනු ලබන පතිරාජ ඔපෙරා හවුස් නැමැති පුහුණු ඇකඩමියෙන් නොමිලේ ඔපෙරා නාට්‍ය පුහුණුව ලැබූ පිරිසක්  මෙම ඔපෙරාව සඳහා රංගනයෙන් මෙන්ම ගායනයෙන් දායක  වී තිබේ.img 20241001 wa01251858551543177456016

එලෙසම ඉන්දිකා උපමාලි , මනීෂා විජේසිංහ, නිහාරි සෝමසිරි, නිලුකා තිෂාරි, සුබුද්දි ලක්මාලි, සුසංගා කහඳවාරච්චි, රන්දික විමලසූරිය, සහ කිංස්ලි ලෝව්,  ඇතුළු  වෘත්තීය මට්ටමේ ඔපෙරා ශිල්ප ශිල්පිනියන් කිහිප දෙනෙක් ද  කිසිදු අය කිරීමකින් තොරව මෙම ඔපෙරාව සඳහා රංගනයෙන් මෙන්ම ගායනයෙන් දායක වී තිබේ.
එළඹෙන ඔක්තෝබර් 11 වැනි දින, කොළඹ එල්පිස්ටන් රඟහලේ වේදිකාගත වන ” ගුරු ගීතය” ඔපෙරාවේ
මංගල දර්ශනය නැරඹීමට  අවශ්‍ය ටිකට්පත්  පහත වෙබ් අඩවියෙන්   මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත

https://pathirajaopera.wixsite.com/house-of-opera/event-details/the-first-teacher-opera-premiere

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here