මීගමුව කලාපයේ දෙමාපියන් නැති එකම පාසලට උදව් කරමු.

0
276

DSCF3838වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් හට  ඇති අඩු පාඩු ගැන මිපුර මාධ්‍ය කණ්ඩයම එහි ගොස් විමසා බැලුවෙමු.
මෙම විද්‍යාලය අවුරුදු 100 ට අධික ඉතිහාසයක් ඇති පාසලකි.
මෙම පාසලෙන් විශාල බුද්ධිමතුන් රාශියක් බිහිකර තිබෙන අතර ඔවුන් අතර
විදුහල්පතිවරු හා ගුරුවරු   දැනට රාජය අංශයේ රැකියා වල නිරත වන පිරිස් ද බොහෝ වෙති. එමෙන්ම මෙම පාසලෙන් ආගමික නායකයින් හා මැති ඇමති වරුන්ද  බිහිවී තිබේ.
මෙහි  අධ්‍යාපනය ලබා  ඇති ප්‍රධාන පුරවැසියන් අතර හිටපු අමාත්‍ය  ජෙයරාජ ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාද වේ.
මේ පමණ රටට සේවය කරන, වැදගත් පුරවැසියන් බිහි කරන මෙම පාසල වැසී, යන්නට ඉඩ දෙනවාද ?????
මීගමුව කලාපයේ කටාන කොට්ඨාශ කාර්්‍යාලය යටතේ ඇති මෙම පාසලේ දැනට සිසුන් 50 කට අඩු පිරිසක් ආධ්‍යාපනය හදාරති.  අඩුපාඩු රැසක් මැද අද දක්වාම  මෙම පාසලේ සිටිනා ගුරුවරුන් 1 වසරේ සිට 11 වසර දක්වා ඉගැන්විම් කටයුතු සිදු කරමින් සිටියි.
මේ වනවිටත් ගණීත විද්‍යා විෂයන් ඉගැන්විමට කිසිම ගුරුවරයෙක් එහි නොමැත.
පාසලේ සියලුම විෂයන් ඉගැන්වීමට සිටින්නේ ප්‍රාථමික ගුරුවරුන්  පමණි.
ගණිත හා විද්‍යාව වැනි ප්‍රධාන විෂයයන් ඉගැන්වීමට හා සෞඛ්‍ය, ගෘහ විද්‍යාව වැනි ප්‍රායෝගික විෂයන් ඉගැන්විමට කිසිම ගුරුවරයෙක් නොමැත.
අවුරුදු 100 කට අධික මෙම ගොඩනැගිල්ල ද දැනටම ඉරි තැලි අබලන් වි ඇත. මෙහි සිටිනා  සිසුන්ට ඉගෙන ගැනිමට කිසිම පහසුකමක් නොමැත.
පරිඝණක දැනුම ලබා ගැනිමට හා ක්‍රීඩා වැනි අමතර දැනුම ලබා ගැනිමට අවශ්‍ය පහසුකම් හා ක්‍රීඩා උපකරණ ද  නොමැත.
මේ පාසලේ සිසුන්ට ක්‍රීඩා උත්සව හා  ආධ්‍යාපන චාරිකා වැනි විෂය බාහිර වැඩ සටහන් කිසිවක් සිදුවන්නේ නැත. නමුත්  මෙම සිසුන් එම සියලු බාධක මැද ක්‍රීඩා තරග වලින් ඡයග්‍රහනය කර ඇත.

මෙම පාසලේ අඩුපාඩු රැසක් තිබීමත් එය අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයෙන් මිදී තිබීමටත් ප්‍රධාන හේතුවක් විය හැක්කේ මෙහි සිටින දරුවන්ගේ දෙමාපියන් නොමැති වීමත්, පාසලේ සිසුන් සංඛ්‍යාවේ ඇති අඩුපාඩුව නිසා විය හැක.
නමුත් සංඛ්‍යාව කොපමණ වුවත් එහි සිටින්නේද අධ්‍යාපනය ලැබීමට අයිතිවාසිකම් ඇති දරුවන් පිරිසකි. දැන් පවතින තත්ත්වයට අනුව  මෙම සිසුන්ට කවුරුන්වත් උදවු උපකාර කිරිමට නොමැත.  මේ පාසලට අනෙක්  සිසුන් පැමිණෙන්නේ ද නැත.මෙම පාසලට තවත් ළමුන් නැති  විමට හේතුව  වන්නේ වැලිහෙන දෙමළ පවුල් වල ළමුන් සිංහල ඉගෙන ගැනිමට කියා මීගමුවේ ප්‍රධාන පාසල් වලට යාමත්  විය හැකිය
වැලිහෙන රොමානු කතෝලික දෙමළ විද්‍යාලයට  පැමිණේන්නේ ශාන්ත  මේරි ළමා සංවර්ධන මධ්‍යාස්ථානයේ දරුවන් පමණි. මීගමුව කලාපයේ දරුවන්ට දෙමාපියන් නැති එකම පාසල මෙම පාසලයි. මෙහි ඉගෙනුම ලබන  දරුවන්ට දෙමාපියන් නැති නිසා පාසලට දෙමාපිය ආධාරද නැත.

පාසල සංවර්ධනය කිරීම සදහා ප්‍රමාණාත්මක  ආධාරයක් ,උපකාරයක් නොමැතිව,  මෙම පාසල ගොඩනැගෙන්නේ කොහොමද???? මෙම පාසලේ ගුරු මණ්ඩලය 11ක් වුවත් මෙවර අපොස සාපෙළ විභාගයෙන්  A 4  හා A 3 ක්  ලබා ගත් සිසුන් දෙදෙනෙක් සිටිති.
ගණිත විද්‍යා ගුරුවරු නොමැතිව මෙම සිසුන් විභාගය සමත් වුනේ මේ පාසලේ සිටින ගුරු මණ්ඩලය නිසාවෙනි. මෙම දරුවන්ට ආදරය ,රැකවරණය ලබාදෙන්නේ  ද
මෙම පාසලේ ගුරුවරුන්ය. මේ වනවිට මෙම පාසලට විදුහල්පති ශ්‍රේනියේ ගුරුවරයෙකු පත්වී ඇති අතර ඔහුගේ  අවධානය හා කැපවීමද පාසලේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ලබාදෙනු ඇත.
මෙවර සිංහල ද්‍රවිඩ අවුරුදු මේ දරුවන්ට සමරන්න වෙන්නේ ළමා නිවාසයේ තනිවමය.
ඒ  මේ දරුවන්ට ආදරය රැකවරනය දෙන්නට කවුරුවත්ම නැති නිසාවෙනි.
මේ අහිංසක දරුවන් මීපුරට පැවසුවේ ඔවුන්ට ගණිත විද්‍යා ගුරුවරු ලබා දෙන ලෙසයි.
ඔවුන්ගේ පාසලට උදවු උපකාර කිරිමට සියලු දෙනාටම ඇරයුම් කරමු.

විමසීම් – විදුහල්පති.එම්.ඉෂෙඩ් සාජහාන් මහතා  – 071-4392857

සටහන –සිතුමි නවෝදා/ සෙනාලි මධුෂානි  ඡායාරූප / සිතුමි නවෝදා