මීගමුව කුණුවලින් යටවෙයි MOHගේ හලෝ එකත් ගොළුවෙයි.????

0
85

මීගමුව ඉතිහාසයේ කිසිදිනක සිදුනොවු මාරාන්තික අර්බුදයක් කරා ගමන කරමින් තිබේ.එනම් නොකඩාම දින 10 ක් තිස්සේ නගරයේ කුණු කසල ඉවත්කර නොතිබිමයි.
දිනකට දල වශයෙන් කුණු ටොන් 80 ක් පසුගිය කාලයේ ඉවත් කළ අතර ඒ අනුව දළ වශයෙන් කුණු ටොන් 800 ක් මේ වන විටත් මුළු නගරය පුරාම විසිරි පවති.
මේ අර්බුදයේ හවුල්කාරයන් කව්රුන්දැයි විමසා බලද්දි ඉතා පැහැදිලි ලෙසින් දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද වගකිය යුතුව තිබේ.
කුණු ඉවත්කිරිමට සුදුසුකම් සහිත ආයතනක් වු අබාන්ස් එන්වරමන්ටල් පුද්ගලික සමාගම විසින් මසකට
රු 4, 23,000.00 ටෙන්ඩරය ඉදිරිපත් කර තිබියදි එවකට පැවැති එජාප පාලනයේ ඡේෂ්ඨයෙකු වු නික්ලස් නැමැත්තාගේ ඥාතියෙකුට ඇති සම්බන්ධයක්  නිසා මසකට රු 5,55,998ක් ලෙසින් ඉදිරිපත්ව තිබු ඇක්මි නම් සමාගමේ ටෙන්ඩර්යට අත්එසවිමට එජාප පාලනය පමණක් නොව විපක්ෂයේ නායකයා වු ඇන්ටනි නිමල් ලංසාද කිසිදු හිරිකිතයකින් තොරව ඉදිරිපත්ව තිබුණි. වැට් බදු කිසිවක් නැතිව මේ නිසා වු මාසික පාඩුව රු 1,32,998.00 ක් වු  අතර වසරකට එය ර් 15,95,976 ක් විය.
කුණු ඉවත්කිරිමට සුදුසුකම් නැති සමාගමකට මසකට රු 132 998 ක පාඩුවක් සමගින් ටෙන්ඩරය අනුමත් කරද්දි එහි සිටි පරිපාලන අධිකාරිය සිටියේ කොහේද ????
ඒ මීට වසර 10 කට පමණ ඉහත තත්වයයි.
අදටත් නම පමණක් සෙවන්හිල්ස් නමින් වෙනස් කරගෙන දිගටම කුණු අදින්නේ පෙර කි සමාගමයි.මේ යන තත්වය අනුව නගරය අර්බුදයකට යා හැකි යැයි අනුමාන කරන්නට මොලයක් ඇති පරිපාලන නිළධාරින් කිදෙනක් නම් මේ නගර සභාව තුල සිටියේද ?දේශපාලකන්ගේ නම් කන් එසවෙන්නේ කොමිස් එකක් ලැබෙන්නේ නම් පමණි.
එහෙත් පරිපාලන නිලධාරින් ???
මීගමුවේ මේ මාරාන්තික අර්බුදයට ඇති පිළියම ගැන අසන්නට අප සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය විජේලත් මහතාගේ දුරකථනයට ඊයේ සිට ඇමතුම් ලබාදුන්නද ඒ කිසිවකට ඔහු ප්‍රතිචාර දැක්වුයේ නැත. තත්වයේ බරපතල කම නිසාත් මහජනයාද මීගමුවේ මාධ්‍ය ආයතනය ලෙස අපගෙන්ද විමසා සිටින නිසාත් අප  ඔහු  වෙත කෙටි පණිවිඩයක්ද තබමින් ඉල්ලා සිටියේ අප අමතා පවතින තත්වය ගැන පැහැදිලි කිරිමක් කරදෙන ලෙසය.
එහෙත් අදටත් ඔහු නිහඩය.