මීගමුව කුරණ සුපිරි හෝටලයේ ඉදිකිරිම් බලපත්‍රය අහෝසියි ?

0
46

general_pool_1මීගමුව කලපුව තුල නීතිවිරෝධි ඉදිකිරිමක් කර ඇති කුරණ පිහිටි අති සුපිරි ග්‍රැන්ඩිසා හෝටලයේ ඉදිකිරිම් බලපත්‍රය අහෝසිකර ඇතැයි වාර්ථා වේ.
මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ හෝටලයේ ඉදිකිරිම් සියල්ලම නතර කිරිම සදහා නියෝග දෙමින් එහි බලපත්‍රය අහෝසි කර ඇතිබවය.
දැනට කලපුව තුල සිදුකර ඇති සියලුම ඉදිකිරිම් ඉන් ඉවත් කර නැවතත් අලුතින් බලපත්‍රයක් සදහා හෝටලය ඇනවුම් කළ යුතු යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
කුරණ ප්‍රදේශාවාසින් විසින් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා වෙත කරන්නට යෙදුන පැමිණිල්ලක් ගැන අප මීට පෙර අවස්ථාවකදි ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු මිුපර වෙබ් අඩවියට කියා සිටියේ අදාල නිතිවිරෝධි ඉදිකිරිම් දෙසතියක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් නඩු දැමිමට පියවර ගන්නා බවය.