මීගමුව ගැන ලැජ්ජා හිතෙන මේ මඩ වැඩ නවතින්නේ කවදාද?

0
83



 

 

ඉහත ඡායාරුප වලින් දැක්වෙන්නේ පසුගිය  සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල     ශ්‍රි ලංකා වර්ල්ඩ් විෂන් ආයතනය විසින් සංවිධානය කළ  දිරි දිවි ව්‍යවසායක වෙළද ප්‍රදර්ශනයේ අවස්ථායි. මෙම ප්‍රදර්ශනය පැවැත්වූයේ  කඩොල් කැලේ ක්‍රීඩාංගනයේ දි යි.  ඒ දින දෙක තුළදී වර්ෂාව නිසා එම ක්‍රීඩාංගනය මඩ ගොරොහරුවක් වූ අතර මීගමුව ප්‍රෙද්ශයේ කාන්තාවන් විසින් අලංකාරව නිමවා තිබූ දැකුම්කළු ප්‍රදර්ශන කුටි  වලට යාමට සිදුවූයේ මඩ පාගගෙන මෙන්ම මඩ නාගෙනය. මෙම දින දෙක තුළ දී එම ප්‍රදර්ශනයේ අරමුණ වී තිබූණේ  මීගමුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල ස්වයං ව්‍යාපාර නිෂ්පාදන එලි දැක්වීම සහ හදුන්වාදීමයි- එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සදහා ගැනුම්කරුවන් සොයා ගැනීම ද මෙහි එක් අරමුණක් වී තිබුනි. කඩොල් කැලේ ක්‍රීඩාංගනයේ පැවති එම තත්ත්වය නිසා මෙම ප්‍රදර්ශනය නැරඹීමට ජනතාව පැමිණියද සෑම කුටියක් සදහාම යෑමේ හැකියාවක් නොතිබුණි. එමෙන්ම මෙම ස්ථානයේ ඇතිවූ එම අපසුතාවය නිසා ඒමට නියමිතව සිටි පිරිස් පැමිනියා දැයි ගැටළු සහගතය.  මෙම හේතුව නිසා එම කාන්තාවන් දරා තිබූ ශ්‍රමයට එම දින දෙක තුළදී සාධාරණයක් ඉටු වූවාදැයි  සැකයක් මතුවේ.
මෙවැනි තත්ත්වයකදී මෙම ක්‍රීඩාංගනය පරිපාලනය කරන වගකිවයුත්තන්ගේ කාර්්‍යභාරය
පිලිබදව ප්‍රශ්ණයක් මතුවන අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් පසුගිය නගර සභා වාරයකදී  මතුකර තිබුණි. පසුගිය දිනක අප මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්තුමියගෙන් මේ පිලිබදව විමසූ විට ඇය කියා සිටියේ එම ක්‍රීඩංගනය නගර සභාවට පවරා ගැනීමට කටයුතු සිදුවෙමින් ඇති බවයි.  නමුත් මෙතෙක් මෙම ක්‍රීඩංගනයේ පාලනය භුක්ති විදි පුද්ගලයන් මෙම ක්‍රීඩංගනයට කර ඇති සේවය කුමක් ද යන ප්‍රශ්නය
මෙම ප්‍රදර්ශනය පැවැති දිනයේ දී එම ස්ථානයට ගිය සෑම දෙනොටම සිහිවන්නට ඇත. මෙහි ලැජ්ජාව ඇත්තටම මීගමුව ජනතාවට නොවේ ද?