මීගමුව ජන අරගල භූමියට නව පනක් දුන් අපේ කාලයේ වික්ටර් හාරා…..

0
253
wp 1651545136224
wp 1651544945801

ඊයේ ( 2 ) මීගමුව ,තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමියට විශේෂ අමුත්තෙක් පැමිණි අතර ඔහු වෙනුවෙන් විශේෂ වේදිකාවක්ද සූදානම් කර තිබිණ .

වේදිකාව කුඩා මුහුදු බෝට්ටුවකි. අමුත්තා කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර වේදිකාවට ගොඩවූ සැනින් අසල සිටි අයට ඔහු හඳුනා ගැනීම අපහසු නොවීය . මේ කලකට පෙර මීගමුව නගරයේ ගම්දනව්වල , පාසල් වල අරුත් බර ගීත ගායනා කරමින් සමාජ මෙහෙවරක් කළ ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ය.

wp 1651545450367

ජයතිලක බණ්ඩාර යනු කලාවේ සැබෑ නියමුවකු බව ඔහුගේ මෙතෙක් ආ ගමනේ ඉතිහාසය තුළ අප හඳුනා ගෙන සිටියෙමු. අප දන්නා විවිධ කලාකරුවන් මුදල් හඹා යද්දී ජයතිලක බණ්ඩාර යන් ජනතාව සමග ජනතාව වෙනුවෙන් තම කලා හැකියාව යොදාගත් ආකාරය අපි අත්දැක්කෙමු .ඔහු සමග සිටි සමහර කලාකරුවන් නලාකරුවන් වී දූෂිත පාලකයින්ට ප්‍රශස්ති ගයද්දී ඔහු ජනතාව වෙනුවෙන් මහපාරේ හිඳ තම කටහඬ සැබෑ ජනතා අරගලය උදෙසා යොදා ගනිමින් ජනතාව අවදි කරන ලදී . ඔහු විසින් ගායනා කළ ගීත එම ගීත අතරට මුසුකළ වදන් තෙල්වත්ත හන්දියේ අරගල බිමට නව උත්තේජනයක් ලබාදුනි. අරගල භූමිය සිසාරා වාතලයට මුසුවූ එම ගීත වෙඩි උන්ඩ බවට පත්වී පාලකයාගේ හද පසාකරනු ඇත.

වික්ටර් හාරා යනු මියෙන තෙක්ම තම ගීත හැකියාව මහපාරේ සිට ජනතාව වෙනුවෙන් කැපකළ සැබෑ ජනතා ගායකයෙකි. ජයතිලක බණ්ඩාර යන් අද සිදුකරමින් සිටින්නේද එවැනි සුවිශේෂී කාර්ය භාරයකි.

අවසානයේ අපි වික්ටර් හාරාගේ අදහසක් මෙසේ සටහන් කර තබමු…
” ගිටාරය සැබෑ අවියක් වන්නේත් වෙඩි උන්ඩයක් වන්නේත් එය වාදනය කරන්නා සැබෑ විප්ලවවාදියෙකු වන්නේ නම් පමණි”

ජයතිලක බණ්ඩාර යනි! ඔබ අපට සැබෑ කලාකරුවෙකි. පවතින අර්බුදය හමුවේ මෙම අරගලය තව තවත් මුවහත් කරමින් ඉදිරියට යාමට ඔබට ශක්තිය සහ ධෛර්යය ……

ජය⁣වේවා!

සැම්සන් ඥානාසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here