මීගමුව ටෙලිකොම් එකට දෙමළ බැරිද?

0
506

teliමීගමුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත අද (29) පෙරවරු 10.45ට පමණ මුස්ලිම් කාන්තාවන්  හතර දෙනෙකු පැමිණ පිළිගැනීමේ කවුන්ටරය අසල මද වේලාවක් රැදී සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ට පිළිගැනීමේ නිලධාරිණිය විසින් ලබාදුන් රිසිට් පත කුමටදැයි තේරෙන්නේ නැති නිසා දෙමළ බසින් ඒ ගැන විමසුමක් කරනු දක්නට ලැබිණි. නමුත් පිළිගැනීමේ නිලධාරිණියට දෙමළ තේරෙන්නේ නැත. දන්න සිංහලෙන් හා අතින් පයින් ඔවුන්ට නොම්මරය අරන් ඉදිරියට ගොස් වාඩි වන ලෙස ඇය අර මුස්ලිම් කාන්තාව වෙත දැනුම් දුන්නාය. මෙහිදී මෙය බලාසිටි   අයට අර මුස්ලිම් කාන්තාවන් ගැන ඇතිවූයේ තරමක අනුකම්පාවකි. නමුත් රාජ්‍ය ආයතනයක් තුළදී අපේ රටේ පුරවැසියන් එසේ අපහසුතාවයට පත්කිරීම ගැන තරමක විමතියක් ඇති විය. රාජ්‍ය ආයතනයකදී දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමට නොහැකි වීම මේ අවධියේදී සුළු පටු කරුණක් නොවේ. වරද කාගේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here