මීගමුව තලාදූව කම්කරු නිවාස යෝජනා ක්‍රමය හුදකලා කෙරේ.!

0
96

IMG-20201202-WA0026

( 8.00 am ) මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරු පවුල් බහුතරයක් වාසය කරන තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය ඊයේ සවස්වරුවේ සිට හුදකලා කර ඇතැයි වාර්තා වේ.ඒ  කො⁣රෝනා අසාදිතයන් 15දෙනෙකු මෙම නිවාස යෝජනා ක්‍රමයෙන් හදුනා ගැනිමත් සමඟය.කම්කරු නිවාස 104 කින් සමන්විත මෙහි ඇතැම් නිවෙස් හි පවුල් කිපයක් වාසය කරන බවද සැලය.
මේ අතර පසුගිය 3 වනදා මෙහි නිවැසියන් 110 දෙනෙකු සඳහා PCR පරික්ෂණ සිදුකර තිබුන අතර එහි ප්‍රථිපල බොහෝ විට අද  දිනයේ ලැබිමට නියමිතව ඇති බව සෞඛ්‍ය බලධාරිහු පවසා සිටිති.
පවතින අවදානම් තත්වය හමුවේ මෙහි නිවැසියන්ගේ සංචරණය සිමා කිරිමේ අවශ්‍යතාවය මත නිවාස යෝජනා ක්‍රමය හුදකලා කර ඇත.
පරම්පාර ගණනාවක් තිස්සේ නගරයම පිරිසිදු කරමින් මිගමුවට ඉමහත් සේවාවයක් සැපයු මේ කම්කරු පවුල් වෙත හදවත් ඇති ඔබගේ සහය අවැසිම මොහොතකි.
හැකි සැමට ඒ වෙනුවෙන් ඇරයුම්.