මීගමුව තුල ක්‍රියාත්මක සාර්ථක One Way රථ වාහන සැලැස්මට වසර 2 ක පිරෙයි !

0
150

traffic-planබස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුවන වෙළද නගරයක් වන මීගමුව තුල දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇති One Way රථ වාහන සැලැස්මට මේ මාසයට වසර 2 කක් සම්පුර්ණ වෙයි.
මීගමුව ඉතිහාසය තුල මෙතරම් කාලයක් ක්‍රියාත්මක වු එකම One Way රථ වාහන සැලැස්ම වන්නේද මෙයයි.
එයට හේතුව වි තිබුනේ මීගමුව පොලිසියත් දේශපාලන අධිකාරිය මෙන්ම පුරවැසි අධිකාරියද එක්ව නිරත්තරයෙන්ම සාකච්ජා කොට මෙය ක්‍රියාත්මක කරවිමට මුලිකත්වය ගෙන තිබිමයි.
පසුගිය නත්තල් සහ අවුරුදු සමයන්හිදි මෙහි ඇති ප්‍රයෝජනය පිලිබදව මහජනයාගේ මහත් ප්‍රසංසාවට ලක්ව තිබුණි.
එපමණක් නොව මීගමුවේ ව්‍යාපාරිකයන් අතිබහුතරයක්ගේද නොමද සහය මෙයට ලැබි ඇති අතර අප කළ සොයා බැලිම් වලදි ව්‍යාපාරිකයන් තිදෙනෙකු පමණක් මේයට එරෙහිව කටයුතු කරමින් සිටින බව වාර්ථාවේ.