මීගමුව ධිවර විරෝධතාවය තාවකාලිකව අවසන් ?

0
62

171516මීගමුව වැල්ලේ කරවල නිෂ්පාදකයන් හා මීගමුවේ සුළු ධීවරයන් අතර මතුව ඇති අර්බුදය අද තෙවෙනි දිනටත් පිවිස ඇත.
කරවලනිෂ්පාදකයන් විසින් දකුණේ සිට ලින්නා සහ පොතුබරි යන මාළු වර්ග දෙක කරවල නිෂ්පාදනය සදහා ගෙන්වා ගැනිම මීගමුවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවි තිබේ.
මේ ප්‍රශ්ණය ගැන අද විශේෂ සාකච්ජාවක් මීගමුවේ කතෝලික පියතුමන්ලාද ප්‍රශ්ණයට සමබන්ධ දෙපාර්ශවයද ධීවර නියෝජ්‍ය අමැති සරත් ගුණරත්න සහ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාගේද සහභාගිත්වයෙන් මීගමුව මහවිදියේ ජුබිලි ශාලාවේදි පැවැත්විණි.
පියතුමන්ලාගේ ඉල්ලිම වි තිබුනේ සති දෙකක කාලයකට පිට පළාත් වලින් මාළු ගෙන්විම නවත්වන ලෙසයි.
එහෙත් එයටද යහපත් ප්‍රථිචාරයක් නොතිබුන අතර දෙපිරිස අතර උණුසම් වචන හුවමාරුවක් මෙන්ම ගුටි බැට හුවමාරුවක්ද සිදුව තිබුණ අතර තත්වය පාලනය කිරිම සදහා පොලිසියද මැදිහත්ව තිබේ.
කෙසේ වෙතත් ධීවර නියෝජ්‍ය ඇමතිවරයා පවසා තිබුනේ ගරු ජනාධිපතිතුමන් විසින් දන්වා ඇත්තේ වෙනත් පළාත් වල මසුන් රැගෙන ගොස් පිටපළාත් වලදි අලෙවි කිරිම නොකල යුතු බවය.එමෙන්ම විශේෂයෙන්ම ලින්නා නැමැති මාළු වර්ගය මෙසේ ගෙනඒම තහනම් බවද අවධාරණය කර තිබුනී.
එහෙත් ඇමති නිමල් ලංසා පවසා ඇත්තේ එවන් තහනම් නියෝගයක් නොමැති බවය
කෙසේ වෙතත් සාකච්ජාව අවසන කරවල නිෂ්පාදකයන් විසින් එකඟවි තිබුනේ සතියක කාලයකට පිටපළාත්වලින් මාළු ගෙනඒම නවතාලිමටය.
ඒ අනුව මීගමුවේ සුළු ධිවරයෝ හෙට සිට යළිත් මුහුදු යාමට තින්දු කර ඇතැයි වාර්ථා වේ.
ඡායා- ඩිල්ෂාන් තිසේරා

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here