මීගමුව නගරයට අළුත් රථවාහන සැලැස්මක් ?

0
57

.traffic-planගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුව කරා යන  ප්‍රධාන නගරයක් වු මීගමුවට බලපාන ප්‍රධානතම ප්‍රශ්ණයක් ලෙස නගර සිමාව තුල වාහන තදබදය සහ රථගාලක් යන ප්‍රශ්ණය ගැන ප්‍රධාන අවධානයක් යොමුව තිබේ.
මේ පිළිබදව පුළුල් සාකච්ජාවක් පසුගිය දිනක මීගමුව පොලිස්අධිකාරි කාර්යාලයේදි පැවැත්විණි.
මෙම සාකච්ජාව සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මහනගර සභාව ව්‍යාපාරික සංගමය මීගමුව සංවර්ධන සැලැසුම් කමිටුව මීගමුව පොලිසිය සහ මීගමුවේ මාධ්‍යවේදින්ගේ එකමුතුව රැස්ව සිටියහ.
මෙහිදි ඉදිරිපත්ව තිබුණ අදහස් වලට අනුව මීගමුව නගරයේ එක්තරා සිමාවක් එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරිමට නියමිතය.
එමෙන්ම දැනට මීගමුව නගර මධ්‍යයේ ක්‍රියාත්මක වටරවුම තවත් විධිමත් කිරිමට ගෙන ඇති පියවර ගැනද සාකච්ජාවට ලක්ව  තිබුණි.
ඉතා කඩිනමින් විස්තරාත්මක රථවාහන සැලැස්මක් නිර්මාණය කොට එය අදාල සියළු බලධාරින් සමගින් සාකච්ජා කොට අදියරන් වශයෙන් ක්‍රියාත්මක කිරිමටද නියමිතය.