මීගමුවේ ව්‍යාපාරිකයන් අද මැසිවිලි කියන්නේ පවතින අනාරක්ෂිත තත්වය හමුවේ සිය ව්‍යාපාරික කටයුතු අඩාල යමින් තිබෙන බවය.අප කළ විමසුමකට පිළිතුරු දුන් රන්භාණ්ඩ අලෙවි සැලක අයෙකු පවසා සිටියේ අද දවසටම ඉතා සුළු අගයක් සහිත බිල් දෙකක් පමණක් ලියු බවය.
එමෙන්ම ජුවෙල් ලංකා කොල්ලයෙන් පසු ඇතිව තිබනු මහජන භිතිය කෙමෙන් පහය යමින් ව්‍යපාරික තත්වය කිසියම් යහපත් තත්වයකට යොමු වෙමින් තිබියදි සිදුවු දෙවන කොල්ලය යළිත් කාලයකට නැගිට ගන්නට බැරි තරමේ මරු පහරක් එල්ලකර ඇති බවය.
මේ තත්වයට මුහුණ දිම සදහා අද මීගමුව පොලිසිය විසින් කැදවු සාකච්ජාවේදි ගනු ලැබු තිරණ ක්‍රියාත්මක කරන්න කොතරම් කාලයක් ගතවේදැයි තවමත් පැහැදිලි විශ්වාසයක් නැති බවත් ඒ සදහාද ව්‍යාපාරිකයන්ටද මුදල් වැඩියෙන් යොදන්නට සිදුවේ යැයි තමන් සිතන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
අද පැවැති සාකච්ජාවේදි පැමිණි ප්‍රධාන තින්දුව වුයේ මීගමුව නගරයේ ආරක්ෂාව ගැන විශේෂෙයන්ම කටයුතු කිරිම සදහා විශේෂ ආරක්ෂක කණ්ඩායමකට පවරන බවය.
මෙහි වියදමට නගරයේ ව්‍යාපාරික මහතුන් දායකවිය යුතු බවද එහිදි ප්‍රකාශ විය.
මෙම තින්දුව පිළිබදව මීපුර වෙබ් අඩවිය ආමාත්‍ය සරත් ගුණරත්න මහතාගෙන් විමසා සිටියේ මෙම තින්දුවට අනුව මීගමුවට ආරක්ෂාව සැපයිම පොලිසිය අසමත්ව අතැයි යන්න ඔබ පිලිගන්නේ යනුවෙනි.
එයට පිළිතරු දෙමින් ඇමතිවරයා පවසා සිටියේ මෙසේ පුද්ගලික අංශටය පැවරෙන්නේ ආරම්භයක් ලෙසින් මසකට පමණක් බවය.
කෙසේ වෙතත් ශ්‍රිලංකාවේ අද බොහොමයක් ප්‍රධාන ස්ථානවල ආරක්ෂක කටයුතු පැවරි ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාගේ රක්නා ලංකා යන පුද්ගලික ආරක්ෂක සේවාව වෙතය.