මීගමුව නගරයේ ඔරලෝසු කණුවේ ඩිජිටල් ඔරලෝසුවේ විදුලිය විසන්ධි කෙරුවේ කාගේ වරදින්ද?

0
357

 

received_173248336898955සාමාජ සංවිධානයක් මීගමුව නගරයේ ඇති ඔරලෝසු කනුවට ඩිජිටල් ඔරලෝසුවක් සවිකර ජනතාවට නිවැරදි වෙලාව බලා ගැනීමට අවස්ථාවදී තිබුනි. කොමසාරිස් පාලන සමයේ සිදුවූ මෙම සමාජ මෙහෙවරට අත හිතදෙමින් නගරයේ වෙළද ව්‍යාපාරිකයකු මෙම ඔරලෝසුවේ විදුලි බිල මාසිකව ගෙවීමටද එකගවී තිබුනි. එම කටයුත්ත හොදින් සිදුවුනි.
පසුව මරිය මව්තුමියේ ප්‍රතිමාවක් ඇති බැවින් මෙම ඔරලෝසු කනුවේ නඩත්තු කටයුතු වගකීම තමන්ට දෙන ලෙස මහා වීදිය කතෝලික පල්ලිය ඉල්ලා ඇත. කිසිදු එකගතාවයකින් තොරව ඔරලෝසු කනුවේ වගකීම නගර සභාව පල්ලියට පවරා ඇත. එහෙත් පල්ලිය වගකීම බාර ගත් දිනයේ පටන් ඔරලෝසු කනුවේ මාසික විදුලිබිල ගෙවා නැත.
නඩත්තු වගකීම බාර ගත්තේ පල්ලිය නම් විදුලිබිල ගෙවිය යුත්තේ පල්ලියයි. එහෙත් පල්ලිය නගර සභාව සමග එවැනි එකගතාවයකට පැමිණ නැති බව එහෙන් මෙහෙන් ආරංචිවේ..
මෙය නගරාධිපතිවරයා තනි කැමැත්ත මත සිදූවූවක් බවයි දැති මෝරා ට දැන ගන්නට ලැබී ඇත්තේ…
නගරාධිපතිගේ හිතුවක්කාර තීරණ නිසා ලක්ෂ ගණනක් වැයකර ස්ථාපිත කර ඇති මීගමුව නගරයේ ඩිජිටල් ඔරලෝසු ව දැන් අපිට වෙලාව කියන්නේ නැත.
දැතිමෝරා