මීගමුව නගරයේ තවත් අවධානම් තුංමන්හන්දියක්.

0
47

IMG-20200206-WA0005IMG-20200206-WA0012

මීගමුවේ රාජපක්ෂ උද්‍යානය පැත්තේ සිට පැමිණ ආර්පිකෝ ආයතනය පැත්තට හැරෙන වංගුව බියක් ඇතිවේ. මෙම අදහස කිහිප දෙනෙකු විසින් අප සමඟ පවසා ඇත . මෙහි ඇති කානුවද ගැඹුරුය. නොදන්නා අයෙකු මෙම ස්ථානයේ ගමන් කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව ගමන් කළ යුතුව ඇත . මෙම ස්ථානය අසල ඇති චමින්ද මෝටර්ස් ආයතනයේ මහතෙකු ප්‍රකාශ කළේ ඔහු දැනුවත්ව තවම මෙහි අනතුරක් සිදුවී නොමැති බවයි . නමුත් මෙහි කොන්ක්‍රීට් ලෑලි වලින් වැස්මක් දමන බවට කතාබහක් සිදුවී ඇති බව ඔහු පැවසීය .
අනෙක් ප්‍රශ්ණය වන්නේ මේවනතෙක් අනතුරක් සිදුවී නැති නිසා අවධානමක් නැතැයි කියා කිව නොහැකි බවයි . සමහර විට අප නොදන්නා මුත් මෙහි අනතුරු සිදුවී තිබිය හැක. කෙසේ හෝ එබැවින් මෙහි අවධානමක් නැතැයි කිව නොහැක .
අප මේ සම්බන්ධව මතු කරමින් කරන්නේ අනතුරක් වේවා කියා පැතීමක් නොව , මෙම ස්ථානයේ එවැනි හැකියාවක් පෙන්නුම් කරන බව පෙන්නුම් කිරීමයි. අනතුරක් සිදුවීමට එක් මොහොතක් ප්‍රමාණවත්ය. එබැවින් අදාල බලධාරීන්ගේ අවධානය සඳහා මේ පිළිබඳව සටහනක් තබන්නෙමු .