මීගමුව නගරයේ නව රථවාහන සැලැස්මට යෝජනා

0
45

2

 

මිගමුව් නගරයේ නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. මාර්ග කිහිපයක් තනි පෑත්තට (oneway) ලෙස නම් කර ඇති  අතර මේ අනුව ග්‍රීන්ස් පාර, කෘස් පාර, මහාවීදිය පාර, දුම්රියපොළ පාර, කොටස් වශයෙන් තනි පෑත්තට oneway ගමන්කරන මාර්ග ලෙස නම් කරඇත. මෙම ලියුම්කරු අද පෙරවරු කාලයේදී මෙම මාර්ගවල ගමන් කළ රියදුරන් කිහිපදනකු සමග අලුත් මාර්ග සැලැස්ම පිලිබඳව විමසීමක් කළා.  නව සැලැස්ම මගින් නගරය තුළ වාහන තදබදය අඩුවන බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.  දිනපතා පොළ හරහා වාහන ගමන් කීරීම නතර කීරීමේදී  ඉතිරිකිරීමේ බැංකුව  ඉදිරීපිට මගී බස් රථ නැවත්වීමට ඉඩනොදීම ධාවන මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම මගින් නව සැලැස්ම තවදුරටත් වැඩි දුරටත් දියුණු කල හැකි බවද ඔවුන්ගේ අදහස් කළ අතර ආවේ මරියා පාර ,වන් වේ කර එම පාරේ දකුණු පැත්තේ වාහන ගාල් කිරීම නැවැත්විය හැකි නම් ඒ ප්‍රදේශයේ ඇති වන වාහන තදබදය අඩුවිය හැකි බවටද යෝජනා කරන ලදී.

වසන්ත වීරසිංහ