
මීගමුව කුට්ටුදූව ධිවර ගම්මානය අසල පිහිටි ඉඩමක ඉදිකිරිමට ගිය කුණු කසල ව්‍යාපෘතියක ඉදිකිරිම් පසුගිය වසරේ අවසාන දිනයේ කඩිමුඩිෙය් ආරම්භ කර තිබුණි.ඒ නිසි සභා ඇනුමැතියක් පවා නොමැති තත්වයක් තුලය.

ලක්ෂ 100 ක්
ලක්ෂ 100 පමණ වෙතැයි කියන මෙම ව්‍යාපෘතියට ආධාර ලැබෙන්නේ යුනෙසෙක් ආයතනයෙන් බව කියැවේ .
40% කොමිස් එක කාටද ?
පරිසරයට ආදරයක් නැති මිගමුව නගරාධිපතිවරයා මේ තරම් පරිසර ව්‍යාපෘතියට උනන්දුව වන්නේ ඉන් ලැබෙන කොමිස් එක නිසා මිස අන් කිසිදු හේතුවක් නිසා නොවන බව ඉතා පැහැදිලි යැයි මිපුර අමතා කථා කළ නාගරික මන්ත්‍රිවරයෙකු සදහන් කර සිටියේය.



කුට්ටිදුව ජනයාගේ විරෝධය

කෙසේ වෙතත් මේවැනි ව්‍යාපෘතියකට මේ ස්ථානය සුදුසු නැති බව කියන කුට්ටුදුව ගම්වාසින් කියා සිටිනේනේ මේ පිටුපස තවත් යටි අරමුණක් ඇති බවය.
අධිකරණ සංකිර්ණය , බන්ධනාගාරය,පාසැල් ගණනාවක් භාවිතා කරන ක්‍රිඩා පිටිය , මාළු අලෙවි සල ආදි ජනාය ගැවසෙන තැන් රැසකින් සමන්විත ප්‍රදේශයක මේ ව්‍යාපෘතියට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව මාධ්‍ය හමුවේ අද කුට්ටිදුවේ ජනයා කියා සිටියේය.
කොන්ක්‍රිට් චමින්දව කුට්ටිදුවේ ජනයා එලවා දමයි
මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන්නේද මිගමුව නගරාධිපතිවරයාගේ one and only කොන්ක්‍රිට් චමින්දම බවද කියැවේ .
කෙසේ වෙතත් කුට්ටිටදුවේ ජනයා විසින් පසුගියදා කොන්ක්‍රිට් චමින්දව මේ ව්‍යාපෘති භුමියෙන් එලවා දැමු බවද අද මාධ්‍ය වෙත අදහස් දැක්වු කුට්ටිදුවේ ජනයා කියා සිටියහ
