මීගමුව නගරාධිපතිගේ නීතිවිරෝධි වැඩවලට එරෙහිව එජාප මන්ත්‍රිණි තනි සටනක !

0
82

dayan lansa mayor

පසුගිය (25දා)   මීගමුව  ගල්කටුව  පාරේ   ස්ථානයක   අනවසරයෙන්  හැදෙන   ගොඩනැගිල්ලක් පිළිබඳව  විමසා  බලා   එය  නීතියට  පිටින්  යෑමක්  බව  දැනුමි දෙමින්  මීගමුව  මහ  නගරසභාව  විසින්   එම  ගොඩනැගිල්ල  හැදීම  නතරකරන  ලදී.
මේ නීති විරෝධි ක්‍රියාව ගැන ක්‍රියාකාරි මැදිහත්විමක් කළ දළුපත කොට්ටාශයේ එජාප මන්ත්‍රිවරිය වන කාන්චනා මහත්මිය මේ පිළිබදව නාගරික කොමසාරිස්තුමිය ඇතුළු අදාල සියළු ඉහල බළධාරින් වෙතද දැනුවත් කර ඇති බව දැනගන්නට තිබේ.
මේ මැදිහත්විම මත පසුගිය 25 වෙනිදා උදේ  9.15ට   පමණ  නගරසභාවේ  නිලධාරීන්   පැමිණ  මෙහි  වැඩ  නතරකළ  පසු  වැඩකළ  අය  තමන්ගේ   උපකරණ  ආදියද  සෝදාදමා   ආපසු  ගියබව  ප්‍රදේශවාසිහු පවසති.
එහෙත්    ඉන්පසුව  නැවත   මෙකී  ගොඩනැගිල්ල   හැදීමේ  කටයුත්ත  පසුදින  දිවාකාලයේදී  ආරම්භකර  ඇත.  රාත්‍රි  කාලය වන තුරු   ලහි ලහියේ   මෙම  ගොඩනැගිල්ල   නැවත   හැදීම  කරගෙන  යන  ආකාරය  දක්නට  ලැබින.

මේ  සඳහා   මෙකී  ගොඩනැගිල්ල  හදන  අයිතිකරුට   ඉඩ  අවසරය  දුන්නේ   කුමණ  නීතියකට  අනුවදැයි  එජාප මන්ත්‍රිවරිය අදාල සියළු බලධාරින්ගෙන්   ප්‍රශ්ණ  කර තිබේ.
මෙකී  ගොඩනැගිල්ල  සඳහා  කිසිදු   නීතිමය   අවසරයක්  ලබාගෙන  නැතැයි පැවසේ.  ඉඩමේ  හෝ  නිවසේ  සැලසුමක්  නැති බවත්,  වීථිරේඛා  නොසළකා හැර  ඇත.   ඒ අනුව  වරෝධතා  මතුවන්නට  පෙර   ඉක්මනින්   අදාල   තැන්   හදා නිමකිරීම  උදෙසා   කටයුතු  කරන  බවත්  ප්‍රධන  පාරේ  සිට  අඩි  20ක  දුර   ප්‍රමාණයක්   ඉඩ  තැබිය  යුතු  නමුත්   මේ වනවිට ප්‍රධන පාර  ආසන්නයේම  කණු  ආදිය   සකසා  ඇති  අයුරු   පෙනෙන්නට  ඇත.    මෙම  සිදුවීම  මීගමුව  මහ නගරසභාවේ   සදාචාර  විරෝධී  ක්‍රියා  අතර  එක්  සිදුවීමක්  පමණි.  තමන්  සුදු  ඇඳමක්  ඇඟ  දවටා  ගත්තද  හොඳ  වැඩ  කරන  හොඳ  මහත්මයෙකු  බව   පෙනෙන  සේ  හැසිරුනද   පැස්බරා  වැල්ලේ   හිස  ගසා  ගත්තද   උගේ  පශ්චාත් භාගය  පෙනෙන්නාසේ   සියළු  ජනතාවටම  මෙකී   දූෂිත  වැඩ  හොඳින්  පෙනෙන  බව  පමණක්  අපි  මතක්කර  කැමැත්තෙමු.