මීගමුව නගරාධිපතිට මරණ තර්ජන කළ දෙදෙනා අත්අඩංගුවට.?

0
139

මීගමුව නගරාධිපති  ඇන්ටනි ජයවීර හට දුරකථනයක් මගින් මරණ තර්ජන එල්ල කළ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැප් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අය නිතිවිරෝධි ලෙසින් මුහුදු මගින්  ජනයා ඔස්ට්‍රේලියාවට යැවිමේ ජාවාරමේ ප්‍රධානින් දෙදෙනෙකු බවද වාර්ථා වේ.
මෙසේ මරණ තර්ජන එල්ල කරන ලද පුද්ගලයන් දෙදෙනා නීතිය ඉදිරියට නොගෙන ප්‍රශ්ණය සමතයකට පත්කරගැනිම සදහා මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකු අවසන් මොහොත තෙක්ම මහන්සි ගෙන තිබුණි.
එහෙත් පොලිසිය පැය 48 ක් ඇතුලත මේ අයව අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් තමන් මීගමුව පොලිසිය වෙත සිය ප්‍රසංශාව පළකරන බව ඊයේ නගරාධිපති නිල කාමරයේ පැවැති පුවත් පත් සාකච්ජාවකදි නගරාධිපතිවරයා විසින් පවසා සිටින ලදි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here