මීගමුව නගරාධිපතිවරයා ඉවත් කිරිෙම් සැලැස්මක්.?

0
79

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට පටන් ගෙනය. එක් පැත්තකින් ජිවිත තර්ජනයන්ය. අනෙක් පැත්තෙන් සිය  නගරාධිපතිධුරය සම්බන්ධයෙන් මතුවෙමින් ඇති අර්බුදයයි.
මේ අර්බුදය කොයිතරම් නම් බරපතල වේදැයි ඉදිරියේදි අපට දැක ගත හැකි වනු ඇත.පළාත් පාලන නිතියේ ඇති නව සංශෝධනයන්ට අනුව අයවැය දෙවරක් පරාජයට පත්වන්නේ නම් නගරාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුව ඇත.
මේ සංෙශා්ධනයේ ඉඩ භාවිතා කරමින් ලබන වර අයවැය අවස්ථාවේදි නගරාධිපති ඉවත් කිරිම සදහා දැනට  ක්‍රියාත්මක වෙමින් ඇති බලවේගයන් පෙරමුණ ගැනිමටද ඉඩ ඇත.
මීගමුව තුල අද පවතින ශිතල යුධ තත්වය ඉදිරිෙය්දි තවත් වර්ධනය වනු ඇත. ඒ අනුව දැනට පවතින දේශපාලන කල්ලි කණ්ඩායම් අලුත් වටයකින් නැවත ප්‍රතිසංධාන ගත විමටද ඉඩ ඇත.